Wednesday 19 March 2014

මර්වින් සිල්වා ඇමැතිකමට සමුදෙයි ද

කැලණිය ප‍්‍රා.සභා මන්ත‍්‍රී ලංකා විජිත කුමාර මහකා විසින් ඇමති මර්වින්ට කොන්දක් තියනවා නම් බාර ගන්නා ලෙස අභියෝගයක් කරයි.

ඔහු කියා සිටින්නේ පළාත් සභා මැතිවරණයට ඔහු ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට වඩා කැලණිය ප‍්‍රාදේශීය සභාවෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා මනාප ගත්තොත් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

මනාප ඡුන්ද 1,23,000ක් ලබාගත් කැලණියේ සංවිධායක තමා යැයි පවසන තමන් ඇමතිවරයෙකු යැයි පුරසාරම් දොඩවන මර්වින් සිල්වා ඉදිරිපත් කරන මහ ඇමති අපේක්ෂකයාට වඩා කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රමුඛ මන්ත‍්‍රීවරු ඉදිරිපත් කරන මහ ඇමති අපේක්ෂකයා අඩු මනාප ප‍්‍රමාණයක් ලබා ගතහොත් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත‍්‍රීවරු ඉල්ලා අස්වන බවද ඔහු කියයි.

එසේම මර්වින් සිල්වාගේ අපේක්ෂකයා කැලණියෙන් අඩු මනාප ලබා ගතහොත් විළි ලැජ්ජා ඇතිව ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඇමති මර්වින් කොන්ද පණ ඇති පුද්ගලයකු නම් මෙම අභියෝගය භාර ගතයුතු බවත් කුමාර මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment