Monday 2 December 2013

සරත් ෆොන්සේකාගේ ජනතා නඩයට බය වුනු දෙවිනුවර ශ්‍රී.ලං.නි.ප . සංවිධායක හා දික්වැල්ලේ ප්‍රා .සභාපති ක්‍රිෂාලි ජෙනරාල් පැමිණ විගස පැන දුවයි.

සරත් ෆොන්සේකාගේ රැස්වීමකට දික්වැල්ලේදී බාධා
ප්‍රජාතත්ත්‍රවාදී පක්ෂය මාතර දික්වැල්ල ප්‍රදේශයේදී අද සංවිධානය කර තිබු ජනහමුවකට බාධා එල්ල විය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එම රැස්වීම පැවත්වීමට සැලසුම් කර තිබුනේ දික්වැල්ල ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිටදී ය.
එහෙත් රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයේ බස් රථයක් හරස් කර ගාල්කර තැබීම හේතුවෙන් ඊට බාධා මතුවිය.
රැස්වීමට පැමිණ සිටි පිරිස ඊට විරෝධය පළ කළහ.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා
හිරකූඩුවලට අපි බය නැහැ.බොරු ‍චෝදනා පත්‍රවලට අපි බය නැහැ.
පසුව බස්නැවතුම් පොලට මීටර් කිහිපයක් ඈතින් පිහිටි දික්වැල්ල පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණි පිරිස එහි රැස්වීම පැවැත්විය.එහෙත් දෙවිනුවර ශ්‍රී.ලං.නි.ප . සංවිධායක හා දික්වැල්ලේ ප්‍රා .සභාපති ක්‍රිෂාලි, ජෙනරාල් පැමිණ විගස එතනින් ඉවත් විය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා
උතුරේ ත්‍රස්තවාදියාගෙන් අපි උතුර නැගෙනහිර බේරාගත්තා. දකුණේ රාජ්‍ය ත්‍රස්තවාදියාගෙන් දකුණ බේරාගැනීටමත් කාලය ඇවිල්ලා තියෙනවා
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොලොන්නාව ආසන සංවිධායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුසිල් කිඳෙල්පිටිය මහතා
මිත්‍රවරුනි මේ රටේ වෙන දේශපාලන බලවේග නැහැ දැන්. එක එක්කෙනා එක එක කතන්දර කියයි. දෙවැනි තුන්වෙනි බලවේග නැහැ එක බලවේගයයි තියෙන්නේ. මේ ප්‍රජාතත්න්‍ර විරෝධී ආණ්ඩුවට එරෙහි ප්‍රජාතන්ත්‍රාවාදී පක්ෂයේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් බලවේගය විතරයි.
 චායාරුප ----සිරස නිවුස් ෆස්ට් 

No comments:

Post a Comment