Saturday 10 August 2013

බුවිනි පසුපස ජනප්‍රියත්වය ලුහුබඳියි


තමන් රඟපෑ එකම එක ටෙලි නාට්‍යයක්වත් විකාශය නොවුනද බුවිනි චාපා කුමාරි දියලගොඩ කා අතරත් ජනප්‍රියයි. "අක්කා නිසා නංගි ජනප්‍රිය වුණා." බුවිනිගේ ජනප්‍රියත්වය ගැන සමහරු එහෙම කතා කරනවා. වත්සලා දියලගොඩ බුවිනිගේ අක්කන්ඩි බව ඇත්ත. ඒත් ඇයගේ කේන්දරේටයි නමටයි අනුව නම් ඇය ජනප්‍රිය වුණේ අක්කා නිසා නෙවෙයි. මොකද කේන්දරේ වගේම බුවිනි චාපා කුමාරි දියලගොඩ කියන නමත් බොහොම බලවත් වූ නිසයි.


බුවිනි චාපා කුමාරි දියලගොඩ
නමේ ගුණ ‍ෙදාස්
ලැබීම් ඇති නමක්


• වාසනාව සහ ලැබීමට යහපත් නමකි.
• සැප විඳින පිහිටීමක් ඇත.
• ඔබ ඉපදුණාට පසු මවුපියන්ගේ ලැබීම යහපත් වන්නට ඇත.


කැපී පෙනෙන චරිතයක්


• පවුලේ මෙන්ම සමාජයේ කැපී පෙනෙන චරිතයකි.
• කලාවට වෙනම පිහිටීමක් නමේ නොතිබුණද, ලැබීම, වාසනාව සහ කැපී පෙනීම කියන කාරණා තුනම පිහිටා ඇති නිසා කලාවෙන් ඉදිරියට යයි.


දැඩි ප්‍රතිපත්ති


• යහපත් ක්‍රියාවන්ට පෙලඹේ.
• ආගම දහමට නැඹුරුය.
• සමහර විට ටික කලකට හෝ නිර්මාංස වෙන්නට උත්සාහ කරනු ඇත.
• හරි හෝ වැරැදි දැඩි ප්‍රතිපත්තිවල එල්බ සිටී.
• පණ්ඩිත අදහස් ඇත.
• ලෙහෙසියෙන් කිසිවක් පිළිනොගනී.
• විමර්ශනශීලී ගති ඇත.
• තාර්කිකය. තර්ක කරන්නට කට සැරය, කේන්ති යයි.
• වරෙක හොඳටම පරාර්ථකාමීය, තවත් වරෙක ආත්මාර්ථකාමීය.
• අධ්‍යාපනය හොඳ ගණයක් පිහිටා තිබුණද එයට බාධා පැමිණේ. එහෙත් උත්සාහ ගතහොත් ඉගෙනීමෙන් නිසි ඵල උදාකරගත හැක.


මහත්වීමේ අවධානමක්


• නීතිමය ගැටලුවකට මැදිහත් වීමට සිදුවේ.
• නමට ලෙඩ ගණ පිහිටා නැත. එහෙත් මහත්වීමේ අවදානමක් ඇත.
• ශාස්ත්‍රීය දේට සුබයි.
• ව්‍යාපාරවලටද යහපත් පිහිටීමක් ඇත.
• විවාහය සඳහා ගැලපෙන නමක් සහිත සහකරුවෙක් සොයා ගැනීම වැදගත්.


කේන්දරේ ගුණ ‍ෙදාස්
වාසනාවන්ත කේන්දරයක්


• සඳු මහ දශාව අවුරුදු 19 සිට 29 දක්වා පවතී.
• මේ ගෙවෙන්නේ සඳුගේ අතුරු දශාවයි.


දිනෙන් දින දියුණුවේ.


• දියුණුවට පත්වන 'දෝෂ භංග රාජ යෝගයක්" හිමිය.
• සන්නිවේදන හැකියාව පවතී.
• වචනයෙන් ඕනෑම අයෙක් තමා වෙත නම්මා ගැනීමේ හැකියාව ඇත.
• ඕනෑම අයෙක්ගේ විශ්වාසය දිනාගත හැක.
• නර්තනය හා නිර්මාණ කටයුතුවලට සහජ හැකියාවක් ඇත.


ව්‍යාපාරවලින් ජය


• ව්‍යාපාරවලින්ද සුබ ඵල අත්වේ. විශේෂයෙන් රෙදි පිළි, සුවඳ විලවුන්, විසිතුරු භාණ්ඩ ව්‍යාපාර වඩා සුබය.


හිතුවක්කාරියක්


• ඉක්මනින් කිපේ.
• පිට අයට කොතරම් හොඳ වුණත් ගෙදර උදවියට හිතුවක්කාරියකි. කොච්චි මිරිස් කරලකි.
• ලෙහෙසෙයින් කිසිවෙකුට හිස නොනමයි.
• කියූ දේ කෙසේ හෝ කරයි.
• අභියෝගවලට නොබියව මුහුණ දීමේ "ගජකේසරී යෝගය" ඇත.
• කිසිවක් තඹේකට මායිම් නොකරයි.


නිරහංකාරයි


• සරලව, සැහැල්ලුවෙන් සිතීමට, කටයුතු කිරීමට කැමතිය.
• තමාට වඩා පහත්, දුප්පත්, අසරණ අය ගැන සිතයි, අනුකම්පා කරයි, උදව් කරයි, නිරහංකාර ගති පැවතුම් ඇත.


පවුලට වාසනාව ගෙනෙයි


• සතුන්ට දැඩි ලෙස ආදරය කරයි.
• පවුලට දියුණුව වාසනා කැන්දයි. මවුපියන්ට වාසනාව ගෙනෙයි.
• පවුලේ කැපී පෙනෙන සමාජයේ කැපී පෙනෙන චරිතයකි. මාලවී යෝගය පිහිටා ඇත. ජනප්‍රියත්වය ඇය පසු පස ලුහුබඳියි.
• නිතර අන් අයගේ ආදරය, ආරක්ෂාව, රැකවරණය පතයි... අපේක්ෂා කළ පරිදි එය නොලැබුණොත් ඒ හේතුවෙන් නොහොඳ නෝක්කාඩු වේ.


දේව බැල්ම ඇත


• දේව ආශීර්වාදය, දේව බැල්ම ඇත.
• මවගේ මියගිය ඥාතියකුගේ පිහිට ආරක්ෂාව ඇත.
• අනතුරුවලින් බේරීමේ නුවණ ඇත.
• පෙර පින් ඇති කෙනෙකි.
• ගුප්ත දේ විශ්වාස කරයි... අදහයි...


කඩවසම් සහකරුවෙක්


• විවාහයේදී කුජ දෝෂය ඇති නිසා කේන්දරය ගැළපිය යුතුමය.
• එසේ නොවුණහොත් සැමියාට අපලය.
• විවාහය ප්‍රියමනාප, කඩවසම් අයෙක් ලැබේ.
• පළමු ප්‍රේමය අසාර්ථකයි.


පරිස්සමින්


• 2014, 2015 අපල කාලයි.
• සිත් පීඩා, සිත් තැවුල් ඇති කරයි.
• ඉවසීමෙන් කටයුතු කරන්න.
• බඩ, යටිබඩ ආශි්‍රත අසනීප, ආහාර ජීර්ණයේ ගැටලු ඇතිවේ.
• මහත්වීමේ අවදානමක් ඇත.



හිමේෂා සවන්තී රාජපක්‍ෂ
ඡායා - අසන්ත ගමආරච්චි

No comments:

Post a Comment