Tuesday 10 September 2013

මම බඩුකාරයා - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආරියරත්න ඇතුගල

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස්හි ඊයේ පළවූ 'රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආරියරත්න ඇතුගල හෙවත් මහසමයං මහාචාරියාගේ මදන සමයම' වාර්තාව සම්බන්ධයෙන් ඇතුගල මහතා විසින් ප්‍රතිචාර දක්වා ලිපියක් එවා තිබේ.

කෙසේ නමුත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයාගේ පිලිතුරු ලිපිය පළ කිරීමට අප තීරණය කෙළේ හුදෙක්ම ඔහුගේ අඩා වැඩියාව මළ කරච්චලයක් වූ නිසා බව කිව යුතුය. පහත දැක්වෙන්නේ ඔහුගේ සම්පූර්ණ පිලිතුරු දැක්වීමයි.

• මා කිසිදු මානසික රෝගයකින් හෝ කාමාතුර අසහනයකින් නොපෙලෙන බව පළමුව මතක් කරමි. මෙම ලිපිය ලියන්නේ බොහෝ දෙනාගේ ඉල්ලීම පිටයි. මේවාට උත්තර දීම නිශ්ඵල වැඩක් වුව ද මෙසේ ලිවීමට හේතු වූයේ මානසික රෝගීන් කවුද යන්න වටහා ගැනීම ලංකා ඊ නිව්ස්˜ බලන අයගේ වගකීමක් වන බැවිනි.

මුදල් අමත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් අප වෙත ලබා දුන් විදේශ ජනමාධ්‍යවේදී පාඨමාලාව සඳහා අයදුම් කළ හැකි වූයේ වයස අවුරුදු 30 කට අඩු ජනමාධ්‍යවේදින් වශයෙන් අවුරුදු 5 ක පළපුරුද්ද සපුරා ඇති අයට පම‚. දෙපාර්තමේන්තුවේ ස්ථීර සේවකයින් කිසිම කෙනෙකුට මෙම සුදුසුකම් නොතිබුණි. තම දැනුම කුසලතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් ඕනෑම කෙනෙකුට දිය හැකි උපරිම සහාය ලබා දීමට මා කිසිවිටකත් පසුබට වන්නේ නැත. එ නිසා අපට ලැබුණු අවස්ථාව අපතේ යැවීමට මා සුදානම් වුයේ නැත. අප දෙපර්තමේන්තු වෙබ් අංශයේ වසර පහක පමණ කාලයක් සේවය කරන අÞළ සුදුසුකම් සපුරා ඇති දෙදෙනෙකු මෙම පාඨමාලාව සඳහා නිර්දේශ කරන ලදී. එ' දෙදෙනා තෝරා ගනු ලැබුවේ පාඨමාලාව සංවිධානය කරන ලද රට මිස මා නොවේ. ඔවුන් වෙනුවෙන් පාඨමාලා ගාස්තු ගෙවන ලද්දේ ද ජනමාධ්‍ය අමාත්‍යාංශය මගිනි. ඔවුන්ට හිමි ගමන් වියදම් කොටස පමණක් අප දෙපාර්තමේන්තු දරන ලදී.

මෙවැනි අනුග්‍රහ ලබා දීම අවශ්‍යතාවේ වැදගත්කම සලකා ස්තී්‍ර පුරුෂ භේදයෙන් තොරව මින් පෙර ද සිදු කළ අතර මින් ඉදිරියට ද එය කරන බව සැලකුව මැනව. කාන්තාවන් අසීමිත ලෙස ඇසුරු කරන බව කීම ඉතා පහසු දෙයකි. මාගේ දරුවන්ගේ වයසට හා සම අය සමඟ අයථා සම්බන්ධතා පැවැත්වීමට තරම් අමන අධ්‍යයනයක් මා ලබා නොමැති බව ද කිව යුතුයි.

මා රාජකාරිය නිසි ලෙස ඉටු කරන බැවින් අකාර්යක්ෂම හෝ වැඩ නොකරන බවක් හෝ කීමට කිසිවකුටත් නොහැකිය. ඉතිහාසයේ නොවු තරමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා චිත්‍රපට ප්‍රමාණයක් (75) පමණ ද, ජාතික වැදගත් කමක් ඇති ප්‍රකාශන වැඩිම ප්‍රමාණයක් ද, වැඩ මුළු, මාධ්‍යවේදී සම්මන්ත්‍රණ වැනි මාධ්‍ය ෙක‍ෂ්ත්‍රයේ ප්‍රබෝධයට අවශ්‍ය සියලූ දේ කරමින් සිටී.

ඉතා හොඳින් සේවය කරන අයට ස්තී්‍ර පුරුෂ භේදයකින් තොර උසස්වීම් හා අවශ්‍ය පහසුකම් ලබා දීමටත්, දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට හානි කර ලෙස කි්‍රයා කරන ඕනෑම තරාතිරමක කෙනෙකුට එරෙහිව විනයානුකුළව කටයුතු කිරීමටත් මා පසුබට නොවෙමි. එය හුදෙක් මාගේ පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමට නොව දෙපාර්තමේන්තුවේ සුබ සිද්ධිය උදෙසාම බව කිව යුතුයි. එබඳු තීරණ ගැනීමට මා බිය නොවන්නේ මා නිවැරදි තැනක සිට තීරණ ගන්නා බැවිනි.

අප දෙපාර්තමේන්තු අනුමත කාර්යමණ්ඩලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් නොතිබු‚. එ නිසාම එබඳු තනතුරක් ස්ථාපිත කිරීම සඳහා සියලූ ලිපිලේඛන සකස් කර අදාළ අංශ වෙත මා ඉදිරිපත් කලත් පරිපාලන හේතු මත එවැනි තනතුරක් ස්ථාපිත කිරීමට රාජ්‍ය සේවා කෙමිසම ඉඩ කඩ ලබා දුන්නේ නැත. එය මාගේ පරිපාලන සීමාවෙන් එපිට තීරණයක් බැවින් එයට එකඟ වනවා මිස මා හට වෙන කළ හැකි දෙයක් නොතිබු‚.

මා වැන්නන්ට ගැසිය හැකි එකම අවිය 'මිනිහා බඩුකාරයා' යනුවෙන් කීමෙනි. බලධාරින් ඉදිරියේ පවා මාගේ චරිතය ඝාතනය කරන්නේ එලෙසිනි. පිළිගත හැකි සියලූ තැන්වල ඔවුන් එම මතය පතුරුවයි. මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා පිළිතුරු නොදී සිටියේ මා එ' දේවල් කරන නිසා නොව, ඔවුන් කරන දේ කිසිවෙකුටත් කියා තේරුම් කළ නොහැකි වන බැවි‚. එසේ ම මෙසේ ලියන අයගේ ජීවිත දෙස බලා ඔවුන් කරන දේ ගැන පෙත්සම් ලියන්නට අපට නොහැකි වීම ගැන කණගාටු නොවෙමි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ
මහාචාර්ය ආරියරත්න ඇතුගල විසිනි

No comments:

Post a Comment