Wednesday 23 October 2013

සිරකරුවෝ දිග කන්න ලැස්ති වෙයි.,සිරගෙවල් අහෝසියි ....


welikadaවිවිධ චෝදනාවන්ට වරදකරුවන් වීමෙන් දිවයින පුරා බන්ධනාගාරවල සිටින රැඳවියන්ට තම පවුලේ සමාජිකයින් සමග ගත කරමින් කෘෂිකාර්මික කටයුතුවල යෙදිය හැකි සත්ත්ව ගොවිපොළක් ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කරන්නේ ඒ සඳහා පොළොන්නරුව – අරලගංවිල, කන්දෙගම ප්‍රදේශයේ ඉදිරකරන එම ගොවිපොළ සඳහා අක්කර සියයක ඉඩමක් තෝරාගෙන ඇති බවයි.
එම ගොවිපලේ කුඩා නිවාස ඉදි කර රැඳවියන්ට සිය පවුලේ අය සමග එකට එක්ව සිටීමට අවස්ථාව ලබා දීමට නියමිත අතර ගොවිපල එළිමහන් සිර කඳවුරක් ලෙස භාවිතා කෙරේ.

No comments:

Post a Comment