Monday 2 September 2013

ශ‍්‍රමදානය දා සිසුවිය දුෂණය කල විදුහල්පතිවරයා භාර වෙයි

rapeතම පාසලේම ඉගෙනුම ලැබු 14 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ වෙන්නප්පුව, ගංගොඩ මාර්ටින් ද පෝරස් විද්‍යාලයේ විදුහල්පතිවරයා නීතිඥයෙකු මාර්ගයෙන් අද පස්වරුවේ පොලිසියට භාරවුණා.අගොස්තු මස 06 වැනිදා පාසලේ පැවති ශ‍්‍රමදානයක් අතරතුර දී සැකකාර විදුහල්පතිවරයා විසින් අදාල දැරිය අපයෝජනය කර ඇත. විදුහල්පතිවරයා මේ දක්වා අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් විද්‍යාලයේ දෙමව්පියන් විරෝධාතවක් පැවැත්විමට ද සුදානම් කර තිබුණා. එසේ තිබිය දි විදුහල්පතිවරයා අද දිනයේ දී මෙලෙස නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවී තිබෙනවා. සැකකාර විදුහල්පතිවරයා අධීකරණය හමුවට ඉදිරිපත්  කිරීමට නියමිතයි.

No comments:

Post a Comment