Thursday 15 August 2013

විග්නේෂ්වරන් උතුරේ ජනතාවගේ ගැලවුම්කාරයා - මොහාමඞ් මුසම්මිල් මාධ්‍ය ප‍්‍රකාශක, ජාතික නිදහස් පෙරමුණ


ඔබට මේ ‘‘පැරෂුටය’’ ලබා දුන්නේ කවුද?
උතුරේ ජනතාවගේ ගැලවුම්කාරයාගේ භූමිකාව රගදක්වන්නට සිටින විග්නේෂ්වරන්ට ජනතාවගේ ප‍්‍රධාන ප‍්‍රශ්න නොදකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පක්‍ෂයේ මාධ්‍ය ලේකම් මොහාමඞ් මුසම්මිල් මහතා විසින් උතුරු පළාත් මහ ඇමැති අපේක්‍ෂක විග්නේෂ්වරන් මහතාට ලිපියක් යවමින් පවසා සිටියේ ඉන්දියානු බලවේග වල අනුව කතා කරන පුද්ගලයෙකු බවයි.
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ලේකම් මොහාමඞ් මුසම්මිල් මහතා විසින් උතුරු පළාත් මහ ඇමැති අපේක්‍ෂක විග්නේෂ්වරන් මහතාට යොමු කළ සංදේශය පහත පරිදි වේ.

උතුරු පළාත් මහ ඇමති අපේක්‍ෂක
විග්නේෂ්වරන්ට විවෘත සංදේශයක්ෟ

උතුරු පළාතේ මහ ඇමති ධුරය සඳහා වෘත්තීයවේදියකු ලෙස ඔබ ඉදිරිපත්ව සිටියි. ඔබ නිකම්ම නිකම් වෘත්තීයවේදියකු නොව විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රට බෙදීමට ක‍්‍රියා කිරීම හෝ ඒ වෙනුවෙන් කතා කිරීම හෝ පෙනී සිටීම පවා කළ නොහැක. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළ නඩු විසª ඔබ අද ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටම එරෙහිව යමින් රට බෙදීමට කැස කවන පිලක මහ ඇමති අපේ්ක්‍ෂකයා වී සිටියි. එසේ වුවද ඔබ ඒ සඳහා විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යන පට්ටම ද භාවිතා කරයි. මේ සියල්ල අඩු වැඩි වශයෙන් භාවිතා කරමින් ඔබ නියෝජනය කරනුයේ ‘‘කුල්ටූර්’’ දෙමළ ප‍්‍රජාවයි. එනම් ඉංග‍්‍රීසි කතා කරන, යමක් කමක් ඇති එපමණක් නොව උසස් කුලයේ දෙමළ ප‍්‍රජාවයි. තවත් විදියකින් කිවහොත් ඔබ උතුරේ දෙමළ ජනතාවගේ නියෝජිතයකු නොවේ. ඔබව මහ ඇමති අපේක්‍ෂක ධුරයට තෝරාගන්නේම වෙනම න්‍යාය පත‍්‍රයකට අනුවය. කොටින්ම ඔබ උතුරු පළාත වෙනුවෙන් ඡන්දය ඉල්ලන බස්නාහිර පළාත් වැසියෙකි.

උතුරට උඩින් පාත්වන්නට ඔබට මේ ‘‘පැරෂුටය’’ ලබා දුන්නේ කවුද යන්න සම්බන්ධයෙන් විවිධ සංවාද තිබේ. එක් මතයකට අනුව ඔබ ඉන්දීය අවශ්‍යතාව නියෝජනය කරන්නෙකි. තවත් මතයකට අනුව ඔබ නියෝජනය කරනුයේ විදේශගත දෙමළ ඩයස්පෝරාවයි. නමුත් මේ මත දෙකටම වඩා ප‍්‍රබල මතය වන්නේ දිගු කලකට පසුව උතුරේ ජනතාවට ඡුන්ද බලය ලද පළමු මොහොතේම යළිත් ඒ ජනතාව මත කුල ආධිපත්‍යය පැතිරවීමේ අරමුණින් ඔබ සටනට ඉදිරිපත් කර ඇති බවයි. මගේ අදහස නම් අවසානයට කී හේතුව මූලිකව පවතින අතර අනෙක් හේතූන් ද අඩුවැඩි වශයෙන් සත්‍ය වන බවයි.

මා එසේ කියන්නේ හේතු ඇතිවය. උතුරේ ජනතාව එක්කෝ ගොවියන්ය. නැතහොත් ධීවරයන් ය. ගොවි ජනතාව යුද්ධයෙන් පසු තම ගොවිතැන් කටයුතු කර නෙළාගන්නා අස්වැන්න විකුණා ගැනීමට ඇති ප‍්‍රධාන බාධාව ඔවුනට ඉඩම් බලය නැතිකම නොවේ. නිසි වෙළඳපළක් නැතිකමය. එයට බලපාන ප‍්‍රධාන හේතුව වන්නේ, ඉන්දියාවෙන් ඉතා අඩුමිලට උතුරේ ජනතාවගේ නිෂ්පාදනවලට විකල්ප නිෂ්පාදන මෙරට වෙළඳපොළට පොම්ප කිරීමයි. ඉන්දියාව සැබෑ ලෙසම උතුරේ ජනතාවගේ දුක දැක උණුවන රාජ්‍යයක් නම් කළයුතු වන්නේ එකී අමන ක‍්‍රියාව නතර කිරීමයි. උතුරේ ජනතාවගේ ජීවිතයට සෘජුවම බලපාන ආක‍්‍රමණයක් ඔවුහු සිදුකරති. ඒ අනුව උතුරේ ජනතාවට බලපාන ප‍්‍රධාන ප‍්‍රශ්නයක, සෘජු වගඋත්තරකරුවා ඉන්දියාවයි.

ධීවර ප‍්‍රශ්නය ගත්ත ද තත්ත්වය මෙසේමය. දකුණු ඉන්දීය ධීවරයෝ රාත‍්‍රී වනවිට උතුරේ ධීවරයන්ගේ සීමාවන් ආක‍්‍රමණය කර සියලූ මත්ස්‍ය සම්පත නෙළාගෙන යති. නාවික හමුදාවේ රේඩාර් යන්ත‍්‍ර දත්ත ඇසුරින් මේ බව වරක් පැහැදිලි කරනු ලැබීය. ඒ අනුව රේඩාර් යන්ත‍්‍ර මගින් රාත‍්‍රී කාලය වනවිට ‘‘දහස් ගණනක් තිත්’’ ලංකාවේ මුහුදු ප‍්‍රදේශය වටා දැකිය හැකිය. එළිවනවිට ඒවා යළි ඉන්දියාව දෙසට යනු ද දැකිය හැකිය. මෙය උතුරේ ජනතාවගේ කුසගින්න අවුළුවන ප‍්‍රධාන හේතුවකි. උතුරේ ධීවරයාගේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ ද මෙයයි. මන්නාරම සිට පුනරීන්, යාපනය, පේදුරුතුඩුව, මුලතිව්, නයාරු කලපුව දක්වා වූ මුහුදු තීරය අද මෙලෙස දකුණු ඉන්දීය ධීවරයන්ගේ ආක‍්‍රමණයට ලක් වී ඇත. මෙහි ඇති වඩාත් භයානක තත්ත්වය වනුයේ ඔවුන් එසේ ධීවර මංකොල්ලයේ යෙදෙනුයේ තහනම් ධීවර ආම්පන්න හා තහනම් විධික‍්‍රම භාවිතයෙන් වීමයි. ඒ අනුව දකුණු ඉන්දීය ධීවරයන් නෙළා ගන්නේ එදා අස්වැන්න පමණක් නොවේ. ඉදිරි කාර්තු කිහිපයක සෝදාපාලූව ද ඔවුනගේ මේ තහනම් ක‍්‍රම භාවිතය නිසා සිදුවේ.

විමතියට කරුණ වන්නේ උතුරේ ජනතාවගේ ගැලවුම්කාරයාගේ භූමිකාව ර`ගදක්වන්නට සිටින ඔබ මේ ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකම නොදුටුවා සේ සිටීමයි. ඇත්තටම එය නොදැකීම නොවේ. දැක දැකත් නොදැක්කා සේ සිටීමයි. එසේනම් ඒ ඉඳීමට බලපාන හේතු කවරේද? ඔබ ගැන සැබෑව හෙළිදරව් කළයුතු වන්නේ මෙතැනදීය. එක්කෝ ඔබ ඉහත කී ඉන්දීය ආක‍්‍රමණය පිළිබඳව කතා නොකරන්නේ ඔබ ඉන්දියාවේ අවශ්‍යතාව අනුව කටයුතු කරන්නකු වන බැවිනි. නැතහොත් ඔබ කෘෂි හා ධීවර කටයුතුවල යෙදෙන පොදු ජනතාවගේ නියෝජිතයකු නොවන බැවිනි. එනම් අඩු කුලවලට අයත් ඒ ජනයාගේ දුක, උසස් කුලයක කෙනකු වන ඔබට අවබෝධ නොවන බැවිනි. කලින් සිටියා සේම උතුරේ ජනතාවගේ දුක අලෙවිකරමින් ඔවුන් රවටා රජවන බමුණුකුලයේ අවශ්‍යතාව පමණක් ඔබ විසින් නියෝජනය කරන බැවිනි.

ඒ අනුව ඔබගේ මේ අස්වාභාවික නිහ`ඩ බව ඇත්වී තිබෙනුයේ,

උතුරේ ධීවර ජනතාව පහත් කුලයකට අයත් ජනතාවක් වන අතර ඔබ උසස් කුලයක කෙනකු නිසාද?
දකුණු ඉන්දියාව විසින් ඔබ අපේක්‍ෂකත්වයට තේරීම සඳහා ඍජුව බලපෑම් කළ නිසාද?
දකුණු ඉන්දීය ධීවර ජාවාරම්කාරයන්ගෙන් ඔබටද සන්තෝෂම් ලැබෙන නිසාද?

උතුරේ ජනතාවගේ දුක ඒ ආකාරයෙන්ම පවතින්නට හැර ඒ දුක පෙන්වමින් පිටරටවල සුරසැප විඳින ඩයස්පෝරාවේ අරමුණු ඉටු කළයුතු නිසාද?

යනාදී ප‍්‍රශ්නවලට ඔබ විසින් පිළිතුරු දිය යුතුය. නැතහොත් එකී ප‍්‍රශ්නවලට පිළිතුර ‘‘ඔව්’’ ලෙස සිතාගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.

මොහාමඞ් මුසම්මිල්
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී,
මාධ්‍ය ප‍්‍රකාශක,
ජාතික නිදහස් පෙරමුණ,

No comments:

Post a Comment