Wednesday 16 October 2013

පොලිසිය අර්බුදයක ..........................?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 4 දෙනෙකු සහ පොලිස් අධිකාරිවරුන් 6 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත.

අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසත් 
වංචා විමර්ශන අංශයේ අධ්‍යක්ෂ පාලිත ප්‍රනාන්දු මහතා මාතලේ කොට්ඨාස භාරවත්,
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂ ලෙසත්,
නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්. ආර්. ඩී. මහගෙදර මහතා අම්පාර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත් මාරුකර යවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සිටි බුද්ධික සිරිවර්ධන මහතා බණ්ඩාරවෙල කොට්ඨාස භාරවත්,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල මහතා පුත්තලම කොට්ඨාස භාරවත්,
පුත්තලම පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම මහතා නුවරඑළිය කොට්ඨාස භාරවත්,
ඡේ. අයි. ඩී. ආර්. විඡේසිංහ මහතා මාන්කුලම් කොට්ඨාස භාරවත්
මාන්කුලම් කොට්ඨාස භාරව සිටි චම්පික සිරිවර්ධන මහතා මුලතිව් කොට්ඨාස භාර නිලධාරියා ලෙස මාරුකර යවා තිබේ.
පොලිස් වංචා විමර්ශන අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස ආනන්ද අල්විස් මහතා පත්කර ඇත.

කටුගෙයි කඩු සොරකම අවස්ථාවේ බොරු වැලක් මාධ්‍යයට කියමින් සියල්ල අනාගත් එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන යලි මාධ්‍ය ප්‍රකාශකයා ලෙස පත් කිරීමෙන් පසු ඔහු විසින් ඔහුගේ පම්පෝරිය මෙසේ මාධ්‍යයට ලියා එවා ඇත.

මේ අජිත් රෝහණ, ඔහුගේ විසිල් එක ඔහු විසින්ම පොලිස් මාධ්‍ය නිවේදනයක් ලෙස පිඹින ආකාරයයි. මෙහි ඇති අපූර්වත්වය නම් මෙම පොලිස් මාධ්‍ය නිවේදනයට හිටපු මාධ්‍ය ප්‍රකාශක හෝ වත්මන් මාධ්‍ය ප්‍රකාශකයා විසින් අත්සන් කර නොමැති වීමයි. අප දන්නා තරමින් පොලිස් මාධ්‍ය නිවේදන පොලිස්පති වරයාගේ කාර්යාලයෙන් අනුමත විය යුතුය. මෙහි අත්සනක් නොමැති නිසා එය අනුමත නිවේදනයක් නොවේ. ඒ අනුව මෙම විසිල් මාධ්‍ය නිවේදනය අජිත් රෝහණ ලියා නිල මාධ්‍ය නිවේදනයක් ලෙස ඇඟවෙන පරිදි මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මෙය අජිත් රෝහණ වැඩ පටන් ගන්නා විටම සිදුකරන ලද පොලිස් විනය උල්ලංඝනය කිරීමකි. ජනමාධ්‍ය රැවටීමට කරන ලද දීන ක්‍රියාවකි. පහත දැක්වෙන්නේ එම අත්සනක් නොමැති හොර නිවේදනයයි

No comments:

Post a Comment