Wednesday 24 July 2013

දයාසිරි ජයසේකර ආණ්ඩු පක්ක්ෂයට

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුපක්ක්ෂයට එක්වීමට ගත් තීරණයත් සමඟ පඩුවස් නුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ විපක්ෂ නායක සමන්සිරි පීරිස් ඇතුළු තවත් මන්ත්‍රීවරු 6 දෙනෙකු ද ආණ්ඩුපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ. මේ වන විට පිරිසද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇතැයි ද ගන්න ට ලෑබේ. සවස 3.00 ට ජයසේකර මහතා පවත්වනු ලබන පුවත්පත් සාකච්ඡාවට ඔවුන්ද සහභාගී වීමට නියමිතය.

මෙලෙස ආණ්ඩුවට එකතුවීමට නියමිත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමන්සිරි පීරිස්,නිමල් දයානන්ද,ජනක තිලකසිරි,දර්ශන සම්පත් සූරසිංහ,මනෝ කුමාර, හේමන්ත පල්ලෙවත්ත ලෙස සඳහන් වෙයි.
මීට පෙර වාර්තා වූ ආකාරයට ප්‍රදේශීය සභා මන්ත්‍රී වරු 15 දෙනෙකු තමා සමග ආණ්ඩුවට එක්වන බව ජයසේකර මහතා සිය සමීපතයින් හා පවසා තිබිණි.

දයාසිරි ජයසේකර මහතාට වයඹ මහ ඇමැති ධූරය ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව මුල්වරට රටට හෙළි කරනු ලැබුවේ ද ගොසිප් සවුත්ලංකා නිවුස් වෙබ් අඩවියයි. එසේම ස්ථිර වශයෙන්ම ජයසේකර මහතා ආණ්ඩුවට එක්වන්න බවද අපි පැවැසූවෙමු. පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ජයසේකර මහතා මේ වන විටත් ප්‍රචාරක සැලසුම් සකස් කරද අවසන් බව ද අපි කීවෙමු ඒ සියල්ල අද සනාත වී ඇත.

No comments:

Post a Comment