Tuesday 17 June 2014

කැලැ පාලුවෝ දෙනියාය රක්ෂිත සියල්ල විනාස කරයි.

මුළු ලෝකයෙන්ම ගත් කල ශ්‍රී ලංකාවට සෝභා සුන්දරත්වය අනුව ලැබෙන්නේ ප්‍රමුකම ස්ථානයකි.මන්ද ලෝකයේ පිරිසිදුම පානීය ජලය තිබෙනුයේ ශ්‍රී ලංකාවේ දෙනියාය සිංහරාජ රක්ෂිතය හා දියදාව රක්ෂිතය ආසන්නවය.එහෙත් දැනට මතුවී තිබෙන වට  පිටාව අනුව එම ජල උල්පත් තවත් වසරකට හෝ වසර කිහිපයකට පමණක් සිමා වෙතෙයි එම ප්‍රදේශ වාසින් ප්‍රකාශ කරයි.මන්ද එහි ආසන්නම සිදුවීම සිදු වී  තිබුනුයේ 2014 - 06- 14,15,16,17 යන දින කිහිපයේ දෙනියාය පල්ලේගම අරණ්‍ය සේනාසනය පිටුපස තිබෙන දියදාව රක්ෂිතයේ කලාමුල්දෙණිය ජාල පෝෂණ කලාපයේ සිදු වී තිබෙන වන සංහාරයි.මෙහිදී ප්‍රාදේශයේ රැකියාවක හෝ නිරත නොවන යම් පුද්ගලයකු මුලික කරගනිමින් 50 ක් පමණ පිරිසක් බන්ඩි කියත්,ගස් කපන යන්ත්‍රි සූත්‍ර යොදා ගනිමින් වල්ල පට්ට ලබා ගැනීමේ චේතන්වෙන් විශාල ප්‍රමාණයේ වන සංහාරයක් සිදු කරන බව වාර්තා වී තිබේ.මේ පිලිබදව අදාල බලධාරීන් නිසි ලෙස සොයා බලා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ ජාතික අපරාධයක් බවට පත් වී තිබේ මේ පිළිබධව සොයා බලා නිසි අයුරින් ක්‍රියාත්මක වී ජාතියේ අනාගත දු පුතුනට පිරිසිදු වතුර ටිකක් බොන්න ඉඩ හසර සදා දෙන මෙන් දෙනියාය ජනතාව සේම ශ්‍රී ලංකික අප සැමද  ඉල්ලා සිටිමු

No comments:

Post a Comment