Tuesday 17 June 2014

මාතර ශ්‍රී.ළං.නි.ප යෝ මාලක සිල්වා වෙනුවට මංගල සමරවීර තෝරා ගනී ද..?

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මාතර දිස්ත්‍රික්කයෙන් ලබන මහ මැතිවරණය සඳහා ගෙන ඒමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව ආණ්ඩුව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ හෙයින් ලබන මහ මැතිවරණයට ඉදිරිපත් නොවී මාතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය උදෙසා ඇප කැප,ඒ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් මර්වින් සිල්වාට ලබා දීමට ආණ්ඩුවෙ ප්‍රභලයෙක් කැමැත්ත පලකොට ඇත.

මෙසේ මාලක සිල්වා මාතර ප්‍රදේශයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ ඔහු මගින් දුරාවේ කුලයේ ඡන්ද ආකර්ශණය කර ගැනීමටයි. දුරාවේ කුලයේ ප්‍රභලතම අපේක්ෂකයා වන හිටපු විදේශ අමාත්‍ය මාතර එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතාට ප්‍රභල සටනක් දීමට ජනාධිපතිවරයාගේ අරමුණයි.

මාතර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රතිශතයක් දුරාවේ ඡන්ද ඇති බැවින් ඔවුන්ව ආකාර්ශණය කර ගැනීමේ වැඩ පිලිවෙලක් මාතර දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම මහතාට නොමැතිවීම හේතුකොට ගෙන මෙම තීරණයට එළඹී ඇත.

සිය පුත්‍රයාගේ ඡන්ද ව්‍යාපාරය මේ වන විට ආරම්භ කොට ඇති මර්වින් සිල්වා ඇමතිවරයා පසුගිය පොසොන් පෝය උදෙසා මාතර නගරයේ විශාල බත් දන්සැලක් සංවිධානය කරනු ලැබීය. සාමාන්‍යන් මෙම පොසොන් බත් දන්සැල ඇමතිවරයා සංවිධානය කරනු ලබන්නේ කැළණිය ප්‍රදේශයේ වුවත් මෙවර එය මාතර ප්‍රදේශයේ පැවැත්වීමට මර්වින් ඇමතිවරයා තීරණය කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිටය.

මෙම පුවත් වාර්තා වීමෙන් පසු මාතර ප්‍රදේශයේ ජනතාව සේම මාතර දිස්ත්‍රික්කයේ වෙරල බඩ කලාපයේ ප්‍රබල ප්‍රාදේශීය සභා සභාපතිවරු දෙදෙනෙක් හා හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් උරණ වී ඇති  බවටද වාර්තා වේ.ඔවුන්ට දුරාව කුලයෙන් ප්‍රබල චන්ද පදනමක් තිබෙන බැවින් ඔවුන් පළාත් සභා මැතිවරණ වලදීද සැලකිය යුතු චන්ද ප්‍රතිශතයක් ගොඩනගා ගෙන ඇති බව  පසුගිය පළාත් සභා මැතිවරණ වලදී දක්නට ලැබුණු බවද වාර්තා වේ.මලක සිල්වා මාතර දිස්ත්‍රික්කයෙන් චන්දයකට ඉදිරිපත් වන්නේ නම් ඔවුන් ඔවුන්ගේ හිටපු ශ්‍රී.ලං.නි .ප මාතර දිස්ත්‍රික් නායක එ .ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සමග නැවත එක් දේශපාලන ගමනක් යාමට සුදානම් වී සිටින බවක් පෙනෙන්නට අතෙයි වාර්තා වී තිබේ.එහි මුලික පියවර ලෙස අදාල සභාපතිවරු දෙදෙනා හා හිටපු ඇමතිවරයාගේ පුත්‍රයා මංගල සමරවිර මහතාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනකු හා රහසිගත සාකච්චාවක් පවත්වා ඇති බවය.වහෙන් මාතර දේශපාලනය උඩු යටි කුරු කාරණයක් බලාපොරොත්තු විය හැකි බව අප කාටත් පෙනෙන්නට තිබෙන දසුනක් වී තිබේ.

No comments:

Post a Comment