Wednesday 4 June 2014

දකුණු පළාත් චන්ජයේ නිම නොවන ගැටුම ''නිල් බලකායෙන්'' එලියට

අද (04) තංගල්ල බස්නැවතුම් පොලේදී සමරප්පුලිගේ ප්‍රභාත් චන්දන නැමති පෞද්ගලික බස් කොන්දොත්තර වරයාට වෙඩිතබා ඝාතනය කිරීම, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතමයෙකු වන පල්ලික්කුඩාවේ උක්කුවා හෙවත් උක්කුං මල්ලිගේ ක්‍රියාවක් බව හෙළිවෙමින් තිබේ.

පෙරවරු 11.50ට පමණ ප්‍රභාත් බසයට සෙනග පටවා පිටත්ව යෑමට සූදානම් වෙද්දී හෙල්මට් වලින් මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් පසුගියදා වෙඩි තැබුවද මරණින් දිවි ගලවා ගත් අමිල නමැත්තා සිටින්නේ කොහිදැයි විමසා ඇත. තමා ඒ බවක් දන්නේ නැතැයි කී විට ඇයි තෝ නේද උගේ හොඳම යාලූවායයි විමසනවත් සමග එක් අයෙක් පිස්තෝලයක් ඇද ඔහුගේ හිසටම වෙඩි තබා තිබේ. ප‍්‍රභාත් බස් කොන්දොස්තර එතැනම මරණයට පත්විය. අමිල නමැත්තාට අපරාධ චෝදනා තිබුනද ඔහුගේ මිතුරෙක් වූ ප‍්‍රභාත්ට එවැනි කිසිදු අපරාධ චෝදනා තිබූ අයෙක් නොවන බව වාර්තා වන අතර, නමුත් අමිලගේ හොඳම මිතුරෙකි.

මෙම අපරාධය සිදුවෙද්දී තංගල්ල නගරයේ පොලිසියද සිටි අතර දෙනෝදහක් ජනතාවද සිටියේය. නමුත් මිනීමරුවන් කිසිදු බාධාවකින් තොරව අධි ආරක්ෂක කලාපය හරහා පලා ගියහ.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ ඉතා සමීපතමයෙකු වූ චන්ඩිමල්ලී‍ගේ පුතා වන එන්. කේ. කසුන් හට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පූර්ණ සහයෝගය පළ උක්කුවා වැඩ කළේද කසුන්ටය. කසුන්ගේ ප්‍රතිවාදියා බවට පත්ව සිටි ඩී. වී. උපුල් ගේ කාර්යාල වලට වෙඩි තබමින් ප්‍රහාර ගනනාවක්ම එම මැතිවරණ සමයේදී කසුන්ගේ ගෝලයන් විසින් එල්ල කරන ලදී.

මෙම උක්කුවා නැමැත්තා මෙයට පෙර මණුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ බවද අනාවරණය වේ. මෙයට වසර දෙකකට පමණ පෙර තිස්ස පාරේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට මොහු සම්බන්ධය.

පසුගිය මැයි 22 දා තංගල්ල අධිකරණය ඉදිරිපිටදී ඝාතනයට තැත් කළ අමිල රාජපක්ෂ නමැත්තාට වෙඩි තැබීමට හේතුව නිල් බලකායෙන් කැඞී එයට විරුද්ධව ක‍්‍රියා කිරීම බවට සැකයක් ඇති අතර මෙම වෙඩි තැබීමද පල්ලිකුඩාවේ උක්කුවා මෙහෙයැවූ වක් බවට හෙළිව තිබේ.


 (ලංකාඊනිව්ස්/ලංකාටෘත් ඇසුරෙණි)


No comments:

Post a Comment