Monday 16 June 2014

සනත් ජයසුරිය ත්‍රිවිල් රියදුරාගෙන් රුපියල් 1000 හිගා කයි

නියෝජ්‍ය තැපැල් ඇමති සනත් ජයසූරිය මහතා පසුගිය දිනක සිය වාහනයට සිදුවූ හානියක් සම්බන්ධයෙන් අපූරු වන්දියක් ලබාගෙන ඇත. 
ප්‍රකට පාසලක් ආසන්නයේ රිය පදවමින් සිටියදී වාහනය නතර කිරීමේදී ඒ අසලින් පැමිණි ත්‍රී රෝද රථයක් ජයසූරිය මහතාගේ රථයේ යාන්තමින් ගැටී තිබේ. 
එම අනතුරෙන් සනත්ගේ මෝටර් රථයට සිදුව ඇත්තේ සුළු සීරීමක් පමණි. 
එයට ත්‍රීවිල් රථයේ පැමිණි රියදුරා සනත් ජයසූරිය වෙත ගොස් ඉතා යටහත් පහත ලෙස සමාව ඉල්ලා තිබේ.
නමුත් සමාව අනවශ්‍යය බවත් තමාගේ අලාභය ගෙවන ලෙසත් අලාභය නොගෙවන්නේ නම් පොලිසි යාමට සූදානම් වන ලෙසත් සනත් ජයසූරිය විසින් තර්ජනයකොට ඇත.
ත්‍රිවිල් රථ රියදුරාගේ ආයචානයට සනත් එකඟ නොවූ හෙයින් අවසානයේ පොලීසියද එම ස්ථානයට පැමිණි ඇත.
පොලීසිය සිදුව ඇති අලාභය දල වශයෙන් ගණනයකොට පවසා ඇත්තේ එම සිරීම් පහර මකා දැමීමට රුපියල් 1000 ක් පමණ වැය වනු ඇති බවයි. 
රුපියල් 1000ක් වන්දියක් ගෙවීමට ත්‍රි රෝද රථ රියදුරාට හැකියාවක් තිබී නොමැති අතර ඔහු අසල සිටි හිතවතෙකුගෙන් රුපියල් 1000 ක් ඉල්ලාගෙන සනත් වෙත ලබා දී ඇත. 
එම රුපියල් 1000 ඉල්ලාගත් සනත් වාහනයේ නැගී ගොස් ඇත.

No comments:

Post a Comment