Monday 2 June 2014

සනත් ජයසුරිය '''ගරු'' වෙනුවට ''ජඩ'' තෝරා ගනී

දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්ව විද්‍යාලයයේ පැවැත්වීමට ඉඩ දිය යුතු බව කියමින් කඩා වැදුණු පිරිසේ පහරට ලක්වීමෙන් සුළු තුවාල ලැබූ කිහිප දෙනකු රෝහල් ගත කිරීමට නොහැකිව සිටින බව විශ්ව විද්‍යාල සිසුහු කියති.

විරෝධතාකරුවන් පිවිසුම් දොරටුව හා ප්‍රධාන මාර්ගය අවහිර කරගෙන සිටින බව ද ඔවහු පවසති.

නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය, දකුණු පළාත් මන්ත්‍රීන් වන සරත්ද අල්විස් සහ අරුණ ගුණරත්න මහත්වරු ද විරෝධතාකරුවන් සමග එක්වූහ.

ඔවුන් කීවේ දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්ව විද්‍යාලයයේ පැවැත්වීමට ඉඩ දෙන තෙක් තමන් ද විරෝධතාකරුවනට සහාය දෙන බවයි.දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වීමට සිසුන් ඉඩ නුදුන්නැයි කියමින් හාර පන්සියයක් පමණ පිරිසක් රුහුණ විශ්ව විද්‍යාලයට කඩා පැන සිසුන් පස්සේ එළවන්නට වූහ.
ඇතැම් පිරිස් අතර පොලු මුගුරුද දක්නට ලැබිණි.
මැර කණ්ඩායම එද්දී සිසුහු ආරක්ෂක ස්ථාන කරා දුවන්නට වූහ.
මාතර පොලිසිය ද වහා කැඳැවිණි. 

No comments:

Post a Comment