Friday 5 December 2014

මාතරින් සන්ධානයේ මෙත්‍රිට එකතුවන 12 මෙන්න


මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ජාතික නිදහස් පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණට අයත් ප්‍රධාන පෙලේ දේශපාලකයන් 12 දෙනෙක් පොදු අපේක්ෂක මෙත්‍රීපාල සිරිසේන මහතාට එකවිම්ට සුදානමින් සිටින බව වාර්තා වේ.එහි පළමු එක්විම පසුගිය දකුණු පළාත් සභා අපේක්ෂක ,මාතර නාගරික මන්ත්‍රී,තැපැල් හා විදුලු සංදේශ නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසුරිය මහතාගේ සම්බන්ධිකරණ ලේකම් රාජ් චන්ද්‍රලාල් මහතා 2දා දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී මෙත්‍රී පාල සිරිසේන මහතා සමග එක්විය.
01. මාතර දිස්ත්‍රික්කයේදී ආණ්ඩුව නියෝජනය කරන නියෝජය ඇමතිවරයෙක්
02. මාතර මුහුදු බඩ පළාතේ හිටපු එ .ජ .නි.ස .පළාත් සභා මන්ත්‍රීවරයෙක්,
       (මංගල සමරවීර මහතාගේ සමීපතම හිතවතෙකි )
03.මාතර දිස්ත්‍රික්කයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයකුගේ පුත්‍රයෙක්,
         (මංගල සමරවීර මහතාගේ සමීපතම හිතවතෙකි )
04.තේ වගාවට සම්බන්ධ හිටපු එ .ජ .නි.ස .පළාත් සභා මන්ත්‍රීවරයෙක්,
05.ජාතික නිදහස් පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ,
06.මාතර මුහුදු බඩ පළාතේ ප්‍රාදේශීය සභා උප සභාපතිවරු දෙදෙනෙක් ,
07.හිටපු සභාපතිවරු දෙදෙනෙක් ,
08.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන තරුණ බල මණ්ඩල තුනක සභාපතිවරු තිදෙනෙක් ,
මේ සියලුම දෙන මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමා සමග රහසිගත සාකච්චාවක් පවත්වා ඇති අතර ,මොවුන් දැනටත් ආණ්ඩුවේ චන්ද සටනට ක්‍රියාකාරීව සහබාගි වී සිටිමින් හදිසියේම පොදු අපේක්ෂකයා සමග එකතු වීමට සුදානමින් සිටින බව වාර්තා වේ.

No comments:

Post a Comment