Wednesday 24 December 2014

ආණ්ඩුව facebook දඩයම පටන් ගනී.


2015 ජනාධිපතිවරණයේ උනුසුම වැඩි වෙත්ම ආණ්ඩුව විසින් ඔවුන්ට විරුද්ධවාදී කදවුරෙහි සාමාජිකයන් තලා පෙලා මර්දනය කිරීම ආරම්භ කොට තිබේ.එහි විශේෂිතම සිදුවීම වන්නේ අන්තර්ජාලය හරහා facebook සමාජ වෙබ් අඩවිය හරහා ආණ්ඩුවට විරුද්ධව කෙරෙනු ලබන විශාල ප්‍රචාරක වැඩසටහනය.එමගින් ආණ්ඩුවට මුහුණ දීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.ඊට හේතුව වන්නේ අද වන විට අන්තර්ජාලය හා facebook සමාජ ශාලා වෙබ් අඩවිය භාවිතා කරන පිරිස චන්දදායකයන්ගෙන් 60% දක්වා වර්ධනය වී තිබේ.එබැවින් ඔවුන් තමන්හට විරුද්ධ  facebook ගිණුම් ,තම බලය යොදා අක්‍රිය කරගෙන යනු ලබයි.එහි එක් ගොදුරක් වී තිබෙනුයේ unpdevinuwara නමැති facebook ගිණුමය.එහි අයිතිය හිමි තැනැත්තා අප වෙත විද්‍යුත් පණිවිඩයක් මගින් දැන්වා තිබුනේ තම ගිණුමෙහි යහළුවන්  4300 හා   වෙනත් ගිණුම් 4 පැවති බවත් එහිමිතුරන් 7000 පමණ සිටි බවත්ය.එය එක් සිදුවීමකි.එම ඇඩ්මින් වරුන් තම ගිණුම් අත්හිටවුවද ඔවුන්ගේ නව ගිණුම වන 
ගිණුම හරහාද ,මෙම සිදුවීම පිටු දැකීම සදහා ආරම්භ කල
ගිණුම හරහාද ඔවුන් වෙත සම්බන්ද විය හැකි බව ලියා ඒවා තිබුණි.මෙහිදී අප මෙම නින්දිත ක්‍රියාව තරයේ හෙලා දකින අතර ,මෙය ප්‍රජාතන්ත්‍ර වාදය මැඩලීමේ ලක්ෂණ බවද තරයේ ප්‍රකාශ කරමු.

සැලකිය යුතුය:- චායාරුප , වෙබ් ලිපිනයන් ,ලිපියේ සැකසුම තහනම් කරන ලද සමාජ වෙබ් අඩවියක ඇඩ්මින්වරුන් එවන ලද විද්‍යුත් ලිපිය හා බැදෙ.

No comments:

Post a Comment