Friday 5 December 2014

ඩලස් ගෝලයන් සමග හොරෙන්ම මෙත්‍රීපාල හමුවෙයි.


මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ඒකකයේ ප්‍රධානීන් ගණනාවක් මේ වනවිට ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කරන බව අනාවරණය වේ.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එම ප්‍රචාරක ඒකකයේ ප්‍රධානියා වන අතර ඔහු යටතේ කටයුතු කළ ප්‍රධානම පුද්ගලයින් දෙදෙනෙකු වන මලිත් ජයතිලක සහ කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අතර සිටින බව අනාවරණය වේ. 

මේ අතර මෛත්‍රීපල සිරිසෙන මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරය නාමයෝජනා බාරදුන් විගස අංශ කිහිපයකින් සිදු කෙරෙන බව එම ආරංචි මාර්ග පවසයි මේ වන විට ප්‍රචාරක ඒකක කිහිපයක් මේ වෙනුවෙන් පිහි‍ටුවා තිබේ.


එමෙන්ම දැඩි ජනතා අප්‍රසාදය නිසා මේ දිනවල මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රජයේ වියදමින් කළ කට්වුට් ද හොර රහසේම ගලවා ඉවත් කෙරෙමින් පවතී.

No comments:

Post a Comment