Wednesday 31 December 2014

මහින්දට අහිමි වන සුවය...,මෛත්‍රීට ලැබෙන හැටි

මහින්ද චින්තනයේ දැක්වූ පරිදි පෙර අපර දෙදිග වෙද්‍යවරුන්ට සමානව නොසැලකීම හා සමාන හිමිකම් වරප්‍රසාද දීමනා ලබා නොදීම නිසා කලකිරීමට පත් රජයේ ආයුර්වේද නිලධාරීන් ,පාරම්පරික වෙද්‍යවරුන් හා වෙද්‍ය ශිෂ්‍යන්ගේ  95% පමණ සහයෝගය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය වී ඇති බව වාර්තා වේ.ඒ සම්බන්දව අද දින උදැසන පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග පවතී සාකච්චාවකදී මෙම අහිමි කොට තිබෙන හිමිකම් වරප්‍රසාද,දීමනා ලබා දීමට එකග වී ඇති බව වාර්තා වේ.මෙම සාකච්චාවේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තව දුරටත් අවදාරණය කර සිටියේ දේශීය වෙද්‍ය අමාත්‍යංශය වැදගත් අමාත්‍යංශයක් බවත් එතුමාගේ රජයක් යටතේ  එය රජයේ වැදගත්  අමාත්‍යංශයක් බව සලකා කටයුතු කරන බවත්ය.  මෙම අවස්ථාවේදී මහාචාර්ය වේදය ශිරෝමනි පණ්ඩිත කුරේ විද්‍යාසේකර මහතා අතින් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත උපහාරයක් පිරිනැමූ අතර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අවංකභාවය පිරිසිදු කන්නාඩියක් බවද ඒ මහතා ප්‍රකශ කල සිටියහ .මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මැතිතුමා හා රජයේ දේශීය වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජෙෂ්ට්ට නිලධාරීන් පිරිසක් හා පාරම්පරික ආයුර්වේද නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්ද එක්ව සිටියහ.

No comments:

Post a Comment