Monday 28 July 2014

මෙන්න ආණ්ඩුවෙන් පඩි ගන්න ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරු 23 දෙනා

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙනුවෙන් සම්බන්ධීකරණ ලේකම්වරු විසිතුන්දෙනකු සිටින බව ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම සම්බන්ධීකරණ ලේකම්වරයකුට මාසිකව රුපියල් තිස්‌ දහසක වැටුපක්‌, ඉන්ධන ලීටර් (පෙට්‍රල්) 170 ක්‌ සඳහා දීමනාවක්‌ද, රුපියල් තිස්‌ දහසක ප්‍රවාහන දීමනාවක්‌ සහ රුපියල් පන්දහසක දුරකථන දීමනාවක්‌ ලබාදෙන බවද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය. ඒ අනුව සම්බන්ධීකරණ ලේකම්වරු විසිතුන් දෙනාට මාසිකව (පෙට්‌්‍රල් ලීටර් 170 හැර) රුපියල් දාහතර ලක්‌ෂ අනූපන් දහසක මුදලක්‌ ලබාදේ.

මෙම සම්බන්ධීකරණ ලේකම්වරු සඳහා පසුගිය වසර තුන තුළ රුපියල් තුන්කෝටි හැත්තෑ හත් ලක්‌ෂ අනූ අට දහස්‌ තුන්සිය විසි හතක්‌ ගෙවා ඇතැයිද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඉහත ප්‍රකාශය කළේය.

කෙසේ නමුත් මම ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරු නමින් හැඳින්වෙන පුද්ගලයන්ට පැවැරුන නිශ්චිත රාජකාරියක් නොමැති අතර එම පත්වීම් ලබා දී තිබෙන්නේ දේශපාලන හිතවත්කම් සලකමිනි. තනතුරේ නමට සරිලන ලෙස මෙම නිලධාරීන්ට ජනාධිපතිවරයා සම්බන්ධීකරණය කිරීමේ හැකියාවද නොමැත.

No comments:

Post a Comment