Tuesday 22 July 2014

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමල් රාජපක්ෂට විනය පරීක්ෂණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බලමණ්ඩලයේ වත්මන් සභාපති වරයා වන්නේ ඇමති දුමින්ද දිසානායක මැතිතුමාය.එතුමා අවුරුදු 21න පාර්ලිමේන්තුවට පැමිණ අද වන විට අමතිකමක්ද දරනු ලබයි.ඒ බැවින් එතුමා පක්ෂයේ 2034 දී ජනාදිපති අපේක්ෂකයා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෙෂ්ටයෝ පෙළ ගසින් පවතී.ඊට  එරෙහිව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිල බලකාය රට පුර ව්‍යාප්ත කරමින් තරුණයන් සමග ලෙන්ගතු වීමට උත්සහ කරන බව පක්ෂයේ මතයක් ගොඩ නැගී ඇත .එහෙයින් පක්ෂයේ බණ්ඩාරනායක හිතවාදීන් සියලු දෙනා එකතුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට සුදානම් වන බව වාර්තා වේ.මෙහි මුලිකත්වය තරුණ ඇමතිවරුන් හයදෙනෙක් හා ජෙෂ්ට ඇමතිවරුන් තිදෙනෙක් හා තවත් කැබිනට් ඇමතිවරු දොළොස් දෙනෙක් මෙහි මුලිකත්වය ගෙන කියා කරන බව වාර්තා වේ.

No comments:

Post a Comment