Tuesday 29 July 2014

ආණ්ඩුව මුළු උතුරු මැදම පරදවයි.....විල්පත්තුව විනාසයි

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ සිදුකරන සියලු අනවසර ඉදිකිරීම් නවත්වන්න වන සතුන් දඩයම නවත්වන්න. පුරාවස්‌තු කොල්ල කෑම සහ වෘක්‍ෂ රාජයන් කොල්ලකෑම නවත්වනවා. මේ කරුණු වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් අනාගත පරපුරේ උරුමයක්‌ වූ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආරක්‍ෂා කිරීමට පියවර ගන්නැයි උතුරු මැද පළාත් සභාවේ විපක්‍ෂය මගින් ඉදිරිපත් කරන ලද                යෝජනාව උතුරුමැද පළාත් සභාවේ පාලක පක්‍ෂය විසින් වැඩිඡන්ද නවයකින් පරාජයට පත්කරනු ලැබූ බව චන්දිම මහින්දසෝම මහතා පැවැසීය. උතුරු මැද පළාත් සභාවේ පක්‍ෂ විපක්‍ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 33 දෙනකු අතරින් මෙම යෝජනාවට ඡන්දය විමසන අවස්‌ථාවේ සභාවේ අසුන්ගෙන සිටියේ මන්ත්‍රීවරු 21 ක්‌ පමණි. ඔහු මේ තොරතුරු හෙළිකළේ සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. මෙයින් පාලක පක්‍ෂයේ සිටි මන්ත්‍රීවරුන් 14 දෙනාම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර විපක්‍ෂයේ පස්‌ දෙනකු යෝජනාවට පක්‍ෂව ඡන්දය පාවිච්චිකළේ නමුත් විපක්‍ෂයේ එස්‌. එම්. එම්. අන්සාර් මන්ත්‍රීවරයා සහ ජී. සහිදු මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම මහතා පැවැසීය.
යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්‍ෂ - විපක්‍ෂ දෙපක්‍ෂයේම අදහස්‌ දැක්‌වූ අතර අවසානයේදී සභාපති ටී. එම්. ආර්. සිරිපාල මහතා විසින් ඡන්ද විමසීම සිදුකරන ලද බව පැවසූ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම ගමගේ මහතා
1937 පෙබරවාරි 25 වැනිදා සුද්දන්ගේ පාලන සමයේදී විල්පත්තු වනෝද්‍යානය අභය භූමියක්‌ ලෙස නීතිගත කරමින් ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කළ අතර පුත්තලම - මන්නාරම - අනුරාධපුර යන දිස්‌ත්‍රික්‌ තුනටම පැතිරී ඇති මෙම ජාතික වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 1316 කින් සමන්විත බවත් මෙය අනාගත පරපුර වෙනුවෙන් ඔවුන්ගේ ජාතික උරුමයක්‌ ලෙස ආරක්‍ෂා කර තැබීමට විපක්‍ෂයෙන් ඉදිරිපත් කළ යෝජනාව පාලක පක්‍ෂයෙන් පරාජයට පත්කිරීම කනගාටුවට කරුණක්‌ බවත් සුද්දන්ට තිබූ කැක්‌කුමවත් අපේ අයට නැතිවීම පුදුමයට හේතුවක්‌ බවත් පැවැසීය.

No comments:

Post a Comment