Tuesday 15 July 2014

චන්ද්‍රිකාට කඩේ ගියාට නිමල් සිරිපාලට අගමැති කම අහිමි වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත මෝදුවෙමින් තිබෙන රාජපක්ෂ විරෝධය මේ වන විට ප්‍රසිද්දධියේම කරළියට පැමිණෙමින් තිබේ.පසුගියදා බදුල්ලේ පැවති පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්විමකදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන නිමල් සිරිපාලද සිල්වා ප්‍රකාශ කර තිබෙන්නේ බදුල්ලේ ක්‍රියාත්මක කරන්නේ “බණ්ඩාරනායක ප්‍රතිපත්ති'' බවය.
                                                                            බණ්ඩාරනායක ප්‍රතිපත්ති සහ බණ්ඩාරනායක වරුන් ගැන කතාකිරීම නොනිල තහනමකින් වාරණය කර තිබෙන තතු යටතේ නිමල් සිරිපාල ඇමතිවරයා මේ සිතා මතාම කර තිබෙන්නේ රාජපක්ෂ භීෂණයෙන් පක්ෂය මුදා ගැනීම වෙනුවෙන් වෙඩිමුරයක් පත්තු කිරීමක් බව ශ්‍රී ල නි පයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

බදුල්ලේ රැස්වීමේදී සිරිපාල ඇමතිවරයා කළ කතාව පැසසුමට ලක් කර තිබෙන ගාල්ල දිස්ත්‍රික්කයේ එක් ප්‍රභලයකු පවසා තිබෙන්නේ බණ්ඩාරනායක යන නම ඇසෙන විට පවා රාජපක්ෂවරුන් භුමි තෙල් ගෑවුණු ගැරඩියන් සේ කුලප්පු වන බවය. පක්ෂය සහ රට ගොඩ ගැනීමට මහින්ද වින්තනය වෙනුවට බණ්ඩාරනායක චින්තනය වෙත ආපසු යා යුතු යැයි ඔහු ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ඡායාරූපය පවා ඉවත් කරමින් බණ්ඩාරනායකවරුන් කෙරෙහි බයෙන් හා වෛරයෙන් පසුවන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිනි චන්ද්‍රිකා සමග ගනුදෙනු කරන්නේ යැයි සැක කෙරෙන පක්ෂයේ ප්‍රබලයන් රැසක් පිටුපස ඔත්තුකරුවන් පිරිසක් යොදා ඇත. කෙසේ වුවද මේ වන විට පක්ෂයේ ප්‍රබලන් කිහිප දෙනෙක්ම ජනාධිපතිනි වන්ද්‍රිකා සමග එකතු වී ශ්‍රී ල නි ප ය එහි සැබෑ උරුමකරුවනට ලබා දීමේ වැඩ පිළිවෙළක නිරත වෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි..

No comments:

Post a Comment