Monday 28 July 2014

දුෂණය කර මරා දැමු පාසල් සිසුවිය

කඩුගන්නාව - වට්ටප්පල ප‍්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් නිවස තුළ දී සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ දැරිය සිය දිවි නසා ගත්තා ද නැතිනම් වෙනත් අයෙකු විසින් ඝාතනය කර එල්ලා තිබේද යන්න සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවයි.

අදාළ පාසල් සිසුවිය පදිංචිව සිටි වට්ටප්පල - මුදලිවත්ත ප‍්‍රදේශයේ පිහිටි නිවසේ දොරක එල්ලෙමින් තිබූ මළ සිරුර සොයා ගත්තේ ඊයේ පස්වරුවේයි. සිසුවියගේ මව පොලීසියට ප‍්‍රකාශයක් ලබාදෙමින් සදහන් කර ඇත්තේ පෙරේදා දිනයේදී තමන් නිවසට යන විට ප‍්‍රදේශයේම තරුණයෙකු සමඟ තම දියණිය සිටි බවයි. අනතුරුව තමන් ඒ සම්බන්ධයෙන් දියණියට දැඩිව අවවාද දුන් බව ද ඇය සදහන් කර තිබෙනවා. පාසල් සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇය ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවයි. ඒ අනුව ඇය සමඟ නිවසේ සිටි තරුණයා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණයා ගම්පොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

No comments:

Post a Comment