Monday 18 May 2015

කයිට්ස් හි පාසැල් සිසුවිය සමුහ දූෂණයට ලක්කළ වීඩියෝව ස්විස් ජාතිකයා සන්තකයේ




කයිට්ස් කුන්කුඩතිව්මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවිය සමූහ දූෂණයට ලක් වන
අයුරු වීඩියෝ ගත කර ඇති බවත්, සිසුවියක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙනකු ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි අයකු බවත්,
ඔහු එම සිසුවිය දූෂණයට ලක්වන ආකාරය වීඩියෝ ගත කර ඇති බවත් එහි ආරංචිමාර්ග
සඳහන් කරයි.
                         අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන්ගෙන් කෙනෙකු ස්විස්ටර්ලන්ත පදිංචිකරුගේ
භාර්යාව දරුවන් සහ නැන්දනියට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි
යැයි තිබූ බිය නිසාම පොලිස්ථානයට පැමිණ සිටියහ. මොහුගේ නිවස ප්‍රදේශවාසීන්
විසින් ප්‍රහාර එල්ලකර ගිනි තබා විනාශ කර තිබිණ. මෙම සැකකරුවන් අටදෙනාම
සිසුවිය කෙලෙසා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

කුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි ශිවයෝගනාදන් විද්‍යා (17) නැමැති මේ පාසල්
සිසුවිය ඉකුත් 13දාඇය පාසල් යන අතරතුර පෙරවරු 7.10ට පමණ සැකකරුවන් විසින්
පැහැරගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
පසුව එම ප්‍රදේශයේ වන ලැහැබක් තුළ අමානුෂික ලෙස අත් පා ගැට ගසා ඇය ඝාතනය කැර සිටියදී පොලිසිය විසින් 14 දින මළ සිරුර සොයා ගන්නා ලදී.
ඇයගේ මුඛයට රෙදි කඩක් ඔබා හුස්ම සිරකර ඝාතනය කැර තිබෙන බව පරීක්ෂණ මඟින්
අනාවරණය වී ඇත. මේ ඝාතනය අභිරහසක්ව තිබියදී ‍කයිට්ස් පොලිසියේ නිලධාරීන්
පිරිසක් පරීක්ෂණ පවත්වා මුලින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන්ගෙන් ලද තොරතුරු මත සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් පස්දෙනා ඊයේ (18)
අත්අඩංගුවට ගත් අතර ඝාතනයට ලක් වූ සිසුවියගේ ඥාතීන් වන එකම පවුලේ සහෝදරයින්
දෙදෙනකුද සැකකරුවන් අතර සිටිති. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (18)
කුඩිකට්ටුවාන් පොලිස් මුරපොළට රැගෙන ආ අවස්ථාවේ කුපිත වූ ප්‍රදේශවාසීන්
ඔවුන්ට පහරදීමට උත්සාහ කැර තිබෙන අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරීන්
දෙදෙනකුටද තුවාල සිදුව ඇත. පසුව නාවුක හමුදා බෝට්ටුවකින් මේ පිරිස යාපනේ
පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම් ආරම්භ කැර තිබේ.
උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, නියෝජ්‍ය
පොලිස්පති යු.කේ. පෙරේරා, යාපනය සහකාර පොලිස් අධිකාරී II සේනාරත්න, කයිට්ස්
පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුයින්ටන් පෙරේරා යන
මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඉරාන්, ‍පොලිස් සැරයන් 32520
තෙන්නකෝන්, පොලිස් සැරයන් 29330 අමරසිංහ, පොලිස් ‍කොස්තාපල් 89341
ගෝපික්‍රිෂ්ණන් ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ. 

No comments:

Post a Comment