Wednesday 13 May 2015

රාජ්‍ය මුදලින් රජ සැප විදි කෙහෙළියගේ අනියම් නිළි රැජින

කෙහෙළිය රඹුක්වැල්ල යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සට්ටැඹි කල්ලිගේ ප්‍රබලයෙකි. නිළි
මාංශයෙන් ඔජ වැඩී මහජන මුදල් හා දේපල කෝටි ප්‍රකෝටි ගණනින් කොල්ල කෑ හිටපු ජඩමාධ්‍ය
ඇමතියාගේ සල්ලාල ඇමති දිවියෙන් තොරතුරු බිඳකි මේ.

94 මහ මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ පොදු ජන එක්සත් පෙරමුණු නාම යෝජනා ලයිස්තුවට නම
ඇතුළත් කර අවසන් මොහොතේ ඉල්ලා අස්වෙමින් පොදු පෙරමුණු නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ
කිරීම ඇතුළුව කෙහෙළියට ඇත්තේම ජිල්මාට් දේශපාලන ඉතිහාසයකි.
කෙහෙළිය රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කිරීමේ මුවාවෙන් 2006 ජනවාරි 26 දින මරාණ්ඩුවට එක්වන්නේ
සත්‍ය ලෙසම මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට නොවන අතර ඊට ප්‍රධානතම හේතුව වූයේ ඔහු ගේ ඊගල්
නමැති පෞද්ගලික ආරක්ෂක සේවයේ නිලධාරීන්ට අර්ථ සාධක ලෙස ගෙවීමට තිබූ රුපියල් මිලියන 30 කට
අධික මුදල් නොගෙවීමෙන් තමන්ට හිරගෙට යෑමට වේ යැයි බියෙන් එය ගොඩින් බේරා ගැනීමේ අරමුණයි.
                     රාජපක්ෂ රෙජීමය ජනමාධ්‍ය අමාත්‍යාංශය කෙහෙළියට භාරදීම ඔහුගේ සල්ලාල  දිවිය ඔපවත්
කරගන්නට ලැබූණු අවස්ථාවක් ලෙස භාවිතා කරන්නට කෙහෙළිය සමත්විය. මහනුවර බහිරව කන්ද ආසන්නයේ
නුවර නගරය පෙනෙන මානයේ පිහිටි තම අනිවත්ත නිවසේ නොතිබුණු රසයක් මහනුවර ස්විස් හෝටල කාමර
තුළ  විඳින්නට කෙහෙළියට හැකි විය.

ඒ හේතුවෙන් ඔහු කලක් මහනුවර ගෙදර එන දිනයේත් සිය නවාතැන කරගත්තේ මහනුවර ස්විස් හෝටලයයි.
(ඇමතියන් පෙම් කිරීම අපට ගැටලූවක් නොවේ. ගැටලූව ඇත්තේ ඒ පෙම් කෙළිල්ලෙන් කෙලවෙන්නේ
සාමාන්‍ය ජනතාවට වීමේය.) එහි මහජන සම්බන්ධතා නිලධාරිණියක ලෙස සේවය කළ ගයේෂා නම්
තරුණියක හා පෙමින් වෙලී සිටි කෙහෙළිය ඇය වෙනුවෙන් විය පැහැදම් කළේ රජයේ මුදල්ය. පසුව ඇයට
ගුවන් තොටුපොළ උසස් රැකියාවක් ලබා දී ඇගේ භාවිතය සඳහා වාහනයක් හා වැල්ලවත්ත ප්‍රදේශයෙන්
නිවසක් ද ලබාදී තිබිණි.



නිලි මසට ලොල් කෙහෙළියගේ පළමු පෙම්වතිය වූයේ ජානකී නමැති ටෙලි නිළියයි. ඇය පසුගිය වසර පහකකාලය තුළ මෙගා ටෙලි නාටක ගණනාවක් නිෂ්පාදනය කළ අතර ස්වාධීන රූපවාහිනිය ඒවා ඉහළ මිලක්ගෙවා මිලට ගෙන විකාශය කළේ මේ පෙම් කෙළියේ අනුහසිනි. ජානකී වෙනුවෙන් රුපියල් කෝටි තුන හමාරක්ගෙවා රාජගිරියේ සුපිරි නිවාස සංකීර්ණයකින් නිවසක් මිලදී ගත් කෙහෙළිය අරලිය මැදුරත් මේ නිවසත් නිතරපටලවා ගත්තේ ය. ඇමති බිරියට අරලිය මැදුරට යන බව පවසා ගියත් වැඩිපුර ගොස් තිබුණේ රාජගිරියේ එම නිවසටය. ඇයගේටෙලි හා චිත්‍රපට නිෂ්පාදන සඳහා විය පැහැදම් කළේද කෙහෙළියයි. ඇයගේ රියදුරා වූයේකෙහෙළියගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන් පිලපිටියයි. ඇයගේ අනෙකුත් අතවැස්සන් ජනමාධ්‍යඅමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට අනුයුක්ත කොට ඔවුන්ට ද රැකියා ලබා දී තිබිණි.


ජිල්මාට් කෙහෙළිය දැන් කැසකවමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට නැවත එක්වී යහපාලනයෙන් තම
නිරුවත හෙළිවීම වලක්වාගැනීමය. එජාපයේ නව සභාපති මලික් සමරවික්‍රම මහතා තේරුම් ගතයුතුව ඇත්තේ
කුණ්ඩසාල ආසනය නියෝජනය කරන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී සමරනායක ඉදිරියේ පවා කුජීත වූ
කෙහෙළිය මහනුවර ජනතාව  තිස්ස අතතනායකටත් වඩා පජාතයෙකු කර අවසන් බවය. දැන් කළ යුතුව
ඇත්තේ නිසි විමර්ශනයකින් අනතුරුව මහජන දේපළ හොරා කෑ අනෙක් සොර ඇමතියන් සමඟ මොහුද සිරගෙට

යැවීමය. එය යහපාලනයක් වෙනුවෙන් පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවයි.

No comments:

Post a Comment