Monday 15 January 2024

තිලංගට - අමරවිරට මෛත්‍රීපාලගෙන් මුෂ්ටි ප්‍රහාරයක්

" සන්ධානය අයිති මට. වමේ බලවේග එකතු කරගෙන මම ආපහු බලය ගන්නවා. මාත් එක්ක වැඩ කරන්න කැමති අය ඉන්න. අනිත් අයට ඕන වෙලාවක යන්න දොර ඇරලා තියෙනවා." මෛත්‍රී තිලංග සහ අමරවීර ඉදිරිපිට තබාගෙන සිංහ වෙස් ගනී. එළඹෙන ජනාධිපතිවරණයේදී සියලු වාමාංශික බලවේග එකතු කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ජේෂ්ඨයන් වෙත තර්ජනාත්මකව පැවසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ වන විට පොහොට්ටුවේ මන්‍ත්‍රීවරුන් පිරිසක් ද තමන් සමග එකතු වීමට අපේක්ෂාවෙන් සිටින බව ඔහු එහි දී ප්‍රකාශ කර තිබේ.
පසුගියදා මෛත්‍රීපාල සිරිසේන සහ ධම්මික පෙරේරා අතර ද රහස් හමුවක් තිබී ඇති අතර එහිදී ධම්මිකගේ ඉල්ලීම වී ඇත්තේ තමාට ජනාධිපතිවරණයේදී සහාය ලබා දුනහොත් මෛත්‍රීට අගමැති කම ලබා දෙන බවයි. එහෙත් මෛත්‍රීට තවමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ආශාව ඉවත් වී නොමැති බැවින් ඊට නිශ්චිත පිළිතුරක් ල්බා දී නැත. කෙසේ හෝ පොහොට්ටුවේ සහාය ධම්මිකට නොලැබෙන බවට උපකල්පනය කරගෙන සිටින මෛත්‍රී ඔහුට අගමැති ධූරය ලබා දී ඔහුගේ සහාය පබා ගැනීමේ උත්සාහයක ද නිරත වී සිටින බවට ආරංචි මාර්ග වාර්ථා කරයි. කෙසේ වෙතත් වාමංශික බලවේග එකතු කරගත් සන්ධානයක් හරහා මෛත්‍රී නියත වශයෙන් ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහුට හිතවත් පාර්ශව කිහිපයක් සනාථ කර ඇත. එහෙත් පාස්කු නඩුව හරහා තමාව රනිල් වික්‍රමසිංහ හිර කිරීමට ඉඩ ඇති බවින් අවසන් මොහොත තෙක් එය රහසක් වශයෙන් තබා ගෙන රනිල්ට සහය දෙන බවක් ඇඟවීමට ඔහු තීරණය කර ඇත. මේ වන විට ඒ සම්බන්ධයෙන් විශාල බෙදීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවී තිබේ. සන්ධාන ලේකම් තිලංග ද මෛත්‍රීගේ මෙම තීරණය දැඩිව විරුද්ධ මතයක් දැරුවත් ඔහු මෛත්‍රීගේ පාස්කු වන්දියෙන් සැලකිය යුතු ප්‍රමාණයක ගෙවීමට දායක වී ඇති බැවින් ඔහුට ඍජුව විරුද්ධ වීමට මෛත්‍රීට හැකියාවක් නොමැට්බිකම නිසා එහි දී ඔහු අසරණ වී ඇති බවද අපට ආර්ංචි විය. කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපය ඇතුලත මෛත්‍රී ද වමේ පොදු අපේක්ෂකයෙකු ලෙස තරඟයට ප්‍රවේශ වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසයි.

Friday 17 March 2023

" මට පෙර රට " අරගලත් සමග ජනගත වෙයි

නව ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිදානය " මට පෙර රට " සංවිධානය පිහිටුවීම අද දින නව ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී සිදු කෙරුණා.
ඒ සදහා ආරාධිත දේශනය හිටපු ජනාධිපතිණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය විසින් සිදුකල කල අතර පාර්ලිමේන්තුමන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමා ද දේශනායක් පැවැත් වූ අතර ගෝල්ෆේස් අරගලබිමේ ක්‍රියාකාරීන් වන දනිෂ් අලි, පියත් නිකේෂල, මහිල් බණ්ඩාර යන තරුණ ක්‍රියාකාරීන් ඇතුළු රටපුරා පැමිණි තරුණ ක්‍රියාකාරිකයන් රැසක්
හා නීතිඥ සේනාල් වෙල්ගම , නීතිඥ භාද්රක මනමේන්ද්‍ර සිවිල් ක්‍රියාකාරීකයින් වන සාගර සුරේන් එදිරිවීර, නිසල් මල්ලවාරච්චි, තේජිත එදිරිසිංහ, ප්‍රවීන් බණ්ඩාරනායක, ප්‍රවීණ ලේඛක තරිඳු තොටවත්ත , විශ්ව විද්‍යාල කථිකාචාර්ය නෙත්රන්ජලි ලියනගේ ඇතුළු විශාල තරුණ පිරිසක් සහබාගි විය.

Thursday 16 March 2023

කළුතර ප්‍රාදේශීය සභා මැතිවරණය අධිකරණය නවත්වයි.

කළුතර ප්‍රාදේශීය සභාවට අදාළව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. නව ලංකා නිදහස් පක්ෂය විසින් ගොනු කර ඇති රිට් පෙත්සමක අවසන් තීන්දුව ලැබෙන තෙක් මෙම නියෝගය බලපැවැත්වේ. කළුතර ප්‍රාදේශීය සභාව සඳහා නව ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් තිලක් වරාගොඩ සහ එහි කළුතර බලයලත් නියෝජිත සෙනාල් වෙල්ගම මෙම පෙත්සම ගොනු කළා. පෙත්සම්කරුවන් විසින් මැතිවරණ කොමිසම සහ තවත් පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
වගඋත්තරකාර මැතිවරණ කොමිසමට සති දෙකක් ඇතුළත විරෝධතා ඇත්නම් සහ පෙත්සම්කරුවන්ට සති දෙකකට පසුව ප්‍රති දිවුරුම් ප්‍රකාශය ගොනු කළ යුතුය. පෙත්සම මැයි මස 12 වැනි දිනට කැඳවීමට නියම කෙරිණි. ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. පෙත්සම්කරුවන් වෙනුවෙන් අනුරාධ වේරගොඩ මහතාගේ උපදෙස් මත ආශික් හසීම් මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය. මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිඥ දර්ශන වේරදූවගේ මහතා පෙනී සිටියේය.(ලක්මාල් සූරියගොඩ)

Sunday 12 March 2023

"System change කියන්නේ ප්‍රථමික අධ්‍යාපනයේ සංවර්ධනයයි " කථිකාචාර්ය නේත්‍රාන්ජලි

System change එකක්‌ වෙන්න නම් පුර්ව ළමා විය මධ්‍යස්ථාන දියුණු විය යුතු බවත්, ඒම පුර්ව ළමා විය මධ්‍යස්ථාන වල අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් නිසි සුදුසුකම් සපුරා දරුවන් වෙනුවෙන් තම දැනුම ලබා දිය යුතු බවත් නවලංකා නිදහස් පක්ෂයේ කැස්බැව ආසනයේ ප්‍රධාන සංවිධායක නේත්‍රාන්ජලි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළහ.
එතුමිය මේ අදහස් ප්‍රකාශ කලේ කැස්බැව ප්‍රදේශයේ තිබුණු පෙර පාසල් විවිධ ප්‍රසංගයක් අමතමින්ය.
මෙම උත්සවය සදහා නවලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කොළඹ දිස්ත්‍රික් නායක ප්‍රවීණ රංගධර ගරැ ජීවන් කුමාරතුංග මැතිතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය

Tuesday 7 March 2023

විදුලි බිලට එරෙහි වූ දෙනියාය ජනතාව

වැඩි කරපු විදුලි බිලට විරෝධය පා දෙනියාය තැනිපිට මැතිවරණ කොට්ටාශයේ පැවති විරෝධතාවය
මෙය නව ලංකා නිදහස් පක්ෂයේ දෙනියායේ ආසන සංවිදායක සාගර සුරේන් එදිරිවීර ප්‍රමුඛ දෙනියාය ආසන බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු අතර නව ලංකා නිදහස් පක්ෂයේ කොටපොළ ප්‍රාදේශීය සභාවට නව ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන ආර්. සුබ්‍රමනියම්, අනුර ගමගේ, චන්ද්‍රිකා, සුනීල් යන අපේක්ෂක අපේක්ෂිකාවෝ හා තැනිපිට මැතිවරණ කොට්ටාශයේ නව ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් රැසක් සහබාගි විය.

Saturday 10 December 2022

අය වැයට පක්ෂ වූ මෛත්‍රීපාල සිරිසේනගේ නම පාස්කු චුදිත ලැයිස්තුවෙන් විසිවෙන ලකුණු

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය යෝජනාව විරුද්දව චන්දය ලබා දි නොතිබුනි. එයට යම් කළගුණ දැක්වීමක් ඉදිරියේදී ආණ්ඩුව සිදු කරනු ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කර

Monday 5 December 2022

මෛත්‍රීපාල සිරිසේනට ආසධ්‍යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලංකා පක්ෂයේ හදිසි අවස්ථාවකට මුහුණ දෙනු ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මට ඇති ආණ්ඩුවක් නැහැ, මගේ පක්ෂය ශ්‍රීලංනිපය පමණයි

මාධ්‍ය නිවේදනයයි. මා එක්සත් ජාතික පක්‍ෂයට හෝ සමගි ජන බලවේගයට එකතු වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර දමා, වෙනත් කිසිදු පක්‍ෂයකට එකතු නොවන බව මම නැවත නැවත අවධාරණය කරමි. මා දේශපාලනික ව ඉපදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය. හැදී වැඩුණේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය. විවිධ පහර කෑම් වලට ලක් වූයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙනි. අවසානයේ මා මිය යාමට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු ලෙසිනි.
විවිධ වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබේ. ඒ නිසා බණ්ඩාරනායක දර්ශනය අගය කරන, පැහැදිලි දර්ශනයක් මත කටයුතු කරන මම, ඒ දර්ශනය පිළිගෙන ඊට අනුගත දේශපාලනයක නියුතු වන ඕනෑම දේශපාලන කණ්ඩායමකට උපදෙස් ලබා දීමට නොපැකිළි වෙමි. මේ මොහොතේ අප දේශය මුහුණු දෙන ජාතික අර්බුද දෙකක් වන රටේ පවතින ළමා මන්ද පෝෂණ තත්ත්වය සමනය කිරීම සහ ජනවාර්ගික ගැටළුවට ස්ථිර සාර විසඳුම් ලබා දීම යන අවස්ථාවන් හි දී පමණක් රටේ වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නායිකාවක ලෙස ඊට මාගේ උපදෙස් ලබා දෙමි. වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින් විසින් සිය අවස්ථාවාදී, පටු වාසි වෙනුවෙන් පක්‍ෂ ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙන විට සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගැනීමට අදත්, හෙටත් මතුවටත් අඛණ්ඩව කැපවන බව අවධාරණය කරමි.

Friday 2 December 2022

චන්ද්‍රිකා වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනට වස් කවි කියා පොල් ගසයි

ශ්‍රී
ලංකා නිදහස් පක්ෂයේ යාවජීව සාමාජික හා පක්ෂයේ උපදේශිකාව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවීමට, එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් කටයුතු කරන ලදී.
එම තීන්දුවට විරුද්ද වමින් පාක්ෂිකයෝ රටපුරා වීරෝධා දක්වමින් මෛත්‍රීපාලසිරිසේන මහතාට උද්ගෝෂණ හා විරෝධතා පවත්වමින් සිටිති.
එහි තවත් උද්ගෝෂණයක් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී අද උදැසන දි පැවැත්විණි.
ඒසදහා අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල සාමාජික පිරිසක් සහබාගි විය.

Tuesday 18 October 2022

මෛත්‍රීපාල සිරිසේන ගෙදර යන දවස

1
මොන්ටේගු සරච්චන්ද්‍ර 7711ඩී, සිල්වා මාවත, තලංගම උතුර, මාලබේ 2022.10.12 ශ්‍රීලනිප සභාපති, විශ්‍රාමික ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රීලනිප මූලස්ථානය, 301. ටී. බී. ජයා මාවත, කොළඹ 10. මහත්මයාණෙනි. පක්ෂය වැනසුවා හොඳටම ඇති, දැන් යන්න. (01) 2019 ජනාධිපතිවරණය ආසන්නයේ සිටම පක්‍ෂයට සහ පාක්ෂිකයාට වැදගත් විවිධ කරුණු පිළිබඳව ඔබටත්, පක්‍ෂයේ ලේකම්වරයාටත් ලිපි මගින් දැනුම් දුන්නද, අඩුම තරමින් එකී ලිපි " ලද බව දැන්වීමට '' හෝ ඔබවත්, පක්‍ෂයේ ලේකම්වරයාවත් කටයුතු නොකිරීම පිළිබඳව මගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය ඔබ වෙත පළ කරමි. එහෙයින්ම විවෘත සංදේශයක් ලෙස මෙහි පිටපත් පක්ෂයේ ක්‍රියාධරයන් වෙත යවන බවද කරුණිකව දන්වමි. (02) ඉතා දිගු කලක් ඔබ පිළිබඳවත්, අපේ ආදරණීය පක්‍ෂය පිළිබඳවත් බොහෝ අත්දැකීම් ඇති අයෙකු ලෙස අමුතුවෙන් අටුවා ටීකා ලිවීමට මම කාලය නොගනිමි. කෙසේ වෙතත්, 2015 දී ඔබ රටේ ජනාධිපතිවරයාත්, පක්ෂයේ සභාපතිවරයාත් ලෙස පත්වීමෙන් රටටත්, පක්‍ෂයටත් යහපත් කාලයක් උදාවනු ඇති බව මම විශ්වාස කළෙමි. (03) ලෝක ඉතිහාසයේ පළමු වතාවට කිසියම් රටක් පාලනය කරන ලද ප්‍රධාන පක්ෂ දෙකම එකතු වී 2015 දී පිහිටුවන ලද ශක්තිමත් ආණ්ඩුවක නායකයා මෙන්ම, එදා මෙදා තුර වැඩිම කාලයක් අපේ රට පාලනය කළ අපේ ආදරණිය පක්‍ෂයේද, නායකයා වූ ඔබ අප පාක්ෂිකයින් පමණක් නොව රටේ සමස්ත ජනතාවම බලාපොරොත්තු වූ පරිදි ජනතාවට වැදගත් ක්‍ෂේත්‍ර පිළිබඳව ජාතික ප්‍රතිපත්ති සම්මත කරවමින් ශ්‍රී ලංකා කාරයෙකු ලෙස අපේ පක්‍ෂයේත්, රටේත් අභිමානය ලොව පුරා පතුරවනු ඇති බව මම විශ්වාස කළෙමි. (04) රාජ්‍ය නායකයා ලෙසත්, අප පක්‍ෂයේ නායකයා ලෙසත් ඔබ විසින් ගනු ලැබූ ප්‍රදර්ශනාත්මක මෝඩ තීරණ පිළිබදව පක්ෂයේත්, රටේත් බොහෝ දෙනා අප්‍රසාදය පළ කරන විට, යම් අඩු පාඩු තිබුණද ඔබ අපේ රටට නොබෙල් සාම ත්‍යාගයද ගෙනෙන්නට හැකි අයෙකු බව පෙන්වමින් ඔවුන් සමග තර්ක කළෙමි. ඊට එරෙහිව පෙනී සිටියෙමි. (05) 2015 ජනවාරි 09 දින ජනාධිපති පදවියේ දිවුරුම් දී ජාතිය ඇමතු පළමු අවස්ථාවේම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවටත්, එතෙක් එහි බලතල කප්පාදු කර දමා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවටත්, පදවියෙන් විශ්‍රාම ගිය පසු නිල නිවාස හා අනෙකුත් වරප්‍රසාද සියල්ල අතහැර දමා පොළොන්නරුවට ගොස් විවේකීව ජීවවන බවටත්. ඔබ කළ ප්‍රකාශය ගැන මම ආඩම්බර වුයෙමි. ඒ එම ප්‍රකාශය සැබෑ ශ්‍රී ලංකා කාරයෙකුගේ ප්‍රකාශයක් බව සිහිපත් කරමිනි. (06) එහෙත් මේ සියල්ල හීන බවට පමණක් පත් කරමින් ඔබ එම තනතුරු වල කටයුතු කළ ආකාරය නින්දනීයය. උභතෝකෝටිකය. ජුගුප්සාජනකය. පක්‍ෂයත්, රටත් ගොඩනගනු වෙනුවට ඒවා වැනසීමට ඔබ සැදී පැහැදී සිටියේය. රටේ නායකත්වය හෝ පක්ෂයේ නායකත්වය ඔබට බොහෝ බර වැඩි බව ගත වූ වසර කිහිපය තුළ ඔබ ප්‍රායෝගිකව පෙන්වා හමාරය. කවුරුන් කෙසේ කීවද ඔබ ලස්සන සුරංගනා කතන්දර කරුවෙකු පමණක් බව රටටත්, ජනතාවටත් ඔප්පු කර අවසානය. (07) 2015 ජනවාරි වන විට හොරෙකු දුෂකයෙකු, වංචාකාරයෙකු ලෙස හංවඩු ගසමින් ජනාධිපතිවරණයේදී පරාජය කළ මහින්ද රාජපක්‍ෂ මහතාට ඉන් මාස 06 ක් ගතවන්නටත් පෙර පැවති මහා මැතිවරණය සදහා හොර රහසේම පක්ෂයේ නාම යෝජනා ලබාදුන්නේ ඔබය, රටේ නායකත්වයේත්, පක්‍ෂ නායකත්වයේත් සිටියත්, මහින්ද රාජප්පක්‍ෂ මහතා ඉදිරියේ ඔබේ දෙපා පණ නැති වන බව ඔබ මුළු රටටම පෙන්වූයේය. (08) ඉන් නොනැවතුණු ඔබ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 50කට වැඩි ප්‍රමාණයකට අපේම රජයට එරෙහිව විපක්‍ෂ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දුන්නේය. පක්ෂයේ ගම් මට්ටම නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුනට අද වන විට විවිධ බොරු චෝදනා දමමින් විනය පියවර ගන්නා ඔබ එදා පක්‍ෂයට විරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ මහින්ද මහතා ඇතුළු කණ්ඩායමෙන් අඩුම තරමින් නිදහසට කරුණු විමසීමක්වත් කරන්නට ඔබට කොන්දක් නොතිබුණි. (C9) පක්‍ෂ ව්‍යවස්ථාවට සහ චන්ද්‍රිකා මැතිනියට පින් සිදුවන්නට 2015 දී නිල බලයෙන් පක්‍ෂයේ සභාපති ලෙස පත්වූ ඔබට එයද දරාගත නොහැකි වගකීමක් බව පෙනුණි. එහෙයින්ම ඉන් වසර තුනක් ගත වීමටත් පෙර පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් ඔබ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට උඩින් ඔබ විසින්ම පත්කර ගන්නා දේශපාලන මණ්ඩලයක් පක්‍ෂයේ උත්තර්තර මණ්ඩලය කරමින් වක්‍රව සභාපති බලතල වැඩිකර ගත්තේය. (10) පක්ෂයේ මධ්‍යම කාරක සභා තීන්දු ගැන, පක්‍ෂ විනය හා ප්‍රතිපත්ති ගැන රටට පුරසාරම් කියන ඔබ, මධ්‍යම කාරක සභාව තබා ලේකම්වරයාවත් නොදැන හොර රහසේම මහින්ද මහතා අගමැති පදවියට පත් කරමින් පක්‍ෂ විනය හා ප්‍රතිපත්ති අමු අමුවේ කඩා දැමුවේය. ඉන් නොනැවතී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ පසු ජනාධිපතිවරයෙකුට තබා ග්‍රාම සේවකටරයෙකුටවත් තම තනතුරේ රැදී සිටීමට නීත්‍යානුකූල හෝ සදාචාරත්මක අයිතියක් නැත. එහෙත් ඔබ තවදුරටත් නිර්ලජ්ජිතව තනතුරෙහි රැඳී සිටියේය. (11) නිදහසින් පසු මෙරට රාජ්‍ය නායකයෙකු යටතේ සිදුවූ දරුණුතම සහ සැලසුම් සහගතම ඛේදවාචකය වු පාස්කු ප්‍රහාරය පිළිබඳව අධිකරණමය කටයුතු සිදුවන නිසා මම ඒ ගැන කිසිවක් නොකියමි. එහෙත් ඒ ගැන සෙවීමට ඔබ විසින්ම පත් කළ ජනාධිපති කොමිසමකින් ඊට අදාළව ඔබට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට නිර්දේශ කර ඇති බවක්ද දැනගන්නට තිබේ. (12) 2015 ජනාධිපතිවරණයේදීත්, 2020 මහ මැතිවරණයේදීත් පක්‍ෂයේ සියලු ව්‍යවස්ථාපිත සංවිධානවල තීරණ නොසළකා, ලේකම්වරයා සමඟ එක්ව ඔබ අපේ පක්ෂය පොහොට්ටුවට පාවා දුන්නේය. ඔබේ ඒ මෝඩ තකතීරු තීරණවලට අද වන විට වන්දි ගෙවන්නේ අපේ පාක්‍ෂිකයන් පමණක් නොව සමස්ත රට වැසියන්මය. (13) 2015 දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ උත්තතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පනස් ගණනක් 2018 පිහිට වූ පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගත් බව ඔවුන් විසින්ම පුන පුනා ප්‍රකාශ කරද්දි පක්ෂ ව්‍යවස්ථාව අනුව ඔවුන් සියලු දෙනාගේ මන්ත්‍රී පදවි අහිමිකර පක්ෂයේ වෙනත් පිරිසක් මන්ත්‍රී පදවිවලට පත්කර ගැනීමට හැකියාවක් තිබුණි. එහෙත් ගරු කතානායකතුමාගේ විමසීමකට පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත් නොදන්වා ඔබ, මහින්ද මහතා ඇතුළු මන්ත්‍රීවරුන් තවදුරටත් ශ්‍රී ලනිපයේ බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වනසා පොහොට්ටු පක්ෂය රැක දුන්නේය. අද වන විට පක්ෂයේ මන්ත්‍රී ධූරයක් දරන්නේ යාපනයේ රාම්නාදන් මන්ත්‍රීවරයා පමණි. (14) පසුගිය සැප්තැම්බර් 02 දින නීත්‍යානුකූල නොවන ලෙස නැවත පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් ඔබ පක්ෂයේ මෙතෙක් යම් පමණකට හෝ පැවති ප්‍රජාතන්ත්‍රවාදය ද මරා දැමුවේය. ඒ අනුව පක්ෂයේ විධායක සභාව විසින් පත්කරන ඕනෑම නිලයක් සිටින්නෙකු අවශ්‍ය ඕනෑම අවස්ථාවක කිසිදු කරුණු විමසීමකින් තොරව එම නිලයෙන් ඉවත් කිරීමට ඔබ බලය ලබාගත්තේය. මෙලෙස පාක්ෂිකයන්ගේ පරමාධිපත්‍ය බලය, මූලික අයිතිවාසිකම් අහිමි කර ඇති ඔබ ජනතාවගේ මේ අයිතීන් ගැන කතා කිර්මත් රටම රවටන ලොකුම විහිළුවක් බව නොකියාම බැරිය. (15) ඔබට චීන පාක්ෂික විරෝධය මගහරවා ගැනීම සඳහා මේ වන විට ඔබ බණ්ඩාරනායකවරුන් විකිණීමේ අලුත් සෙල්ලමක්ද පටන්ගෙන ඇති බව පෙනෙයි. 2021 සැප්. 26 දින පැවති බණ්ඩාරනායක ගුණ සැමරුම දෙකට කඩමින් නිල ගුණ සැමරුමෙන් පසුව පක්ෂය වෙනුවෙන් සමාධියට වෙනම් පුපෝපහාරයක් පැවැත්වූ ඔබ 2022 ජනවාරි 08 වන දා ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අධ්යස පුපෝපහාරයට ද එයම කළේය. මෙවර සැප්තැම්බර් 26 පැවති බණ්ඩාරනායක ගුණ සමරුවට පාක්ෂිකයින් සහභාගිවීම වැළැක්වීමට ඉතිහාසයේ පළමු වරට ඔබ පක්ෂය මගින් කොළඹ BMICH හිදී පුපෝපහාරයක් පැවැත්වීය. මේලෙස පක්ෂයේ නිර්මාතෘවරයාගේ ගුණ සමරුවට පාක්ෂිකයන් සහභාගිවීම බෙදීමට කටයුතු කළ ඔබත්, ලේකම්වරයාත් මේ ආත්මයේදීම අතපය කැඩී ඒ පාපයට වන්දි ගෙවනු ඇති බව පාක්ෂිකයන්ගේ මතයයි. (18) කිවයුතු තවත් බොහෝ දේ තිබුණ ද ලිපිය මීට වඩා දිගු කිරීමට අදහස් නොකරම්. ඔබ හා ලේකම්වරයා එක්ව අපේ ආදරණිය පක්ෂයට සිදුකර ඇති විනාශය හොඳටම ප්‍රමාණවත්ය. මෙලෙස වුව හොත් පාක්ෂිකයින් දහස් ගණනක් පක්ෂ මූලස්ථානය වටලා ඔබත්, ලේකම්වරයාත් නිරුවත් කර මූලස්ථානයෙන් එළියට ඇද දමන දිනය වැඩි ඈතක නැති බව සිතමි. එහෙයින් පක්ෂයට ආදරය කරන සමස්ත පාක්ෂිකයින් වෙනුවෙන් අවසාන වශයෙන් මම ඔබෙන් මෙලෙස ඉල්ලමි. "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනසුවා හොඳටම ඇති, දැන් යන්න” මොන්ටේගු සරත්චන්ද්‍ර විධායක සභික ශ්‍රීලංකා නිදහස් පක්ෂය