Thursday 24 October 2013

ප්‍රභාකරන් වීරයකු බව ලෝකයටම අපි පෙන්නනවා,පින්ලන්ත රජයද එය පිලි ගත්තා - සුරේෂ් කන්නන්

prabhakaran-stamps


 
එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ජන්මදිනය සමරා ඔහුගේ පවුලේ ඡායාරුව සහිත මුද්දරයක් නිකුත් කිරීමට පින්ලන්ත රජය පියවර ගෙන තිබේ.
මේ සඳහා වැල්වටිතුරෙයිහි පදිංචි සුරේෂ් කන්නන් නමැත්තෙකු ප්‍රමුඛ කාර්ය භාරයක් ඉ‍ටු කර ඇති බව සඳහන්ය.

මොහු මෙවැනි තැපැල් මුද්දර නිකුත් කිරීමට පසුගිය වසරේ අවස්ථා කිහිපයකදීම උත්සාහ කල නමුත් එරට රජය එය ප්‍රථික්ෂේප කර තිබුණි. නමුත් සුරේෂ් කන්නන් ප්‍රබල උත්සාහයකින් අනතුරුව පින්ලන්ත රජය සමඟ සාකච්ඡා කර ඔවුන්ව එකඟ කරවාගෙන ඇත.

දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන්කළ වීර නායකයෙකුය යන පදනමින් ප්‍රභාකරන් පවුලේ සාමාජිකයින් සමඟ සිටින ඡා‍යාරූපය තැපැල් මුද්දර දෙමළ ජනතාවගේ වීරත්වයෙන් යුතු සටනත්, දෙමළ ජනතාවගේ එකම නායකයා ප්‍රබාකරන්ය යන්නත් මෙම මුද්දර තුලින් ප්‍රකාශ කර ඇත.

පසුගිය වසර වලදී දෙමළ ඊළාම් සංකේත සටහන් කල මුද්දර ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, නෝර්වේ, ජර්මනිය යන රටවල රජයන් මාර්ගයෙන් නිකුත් කර තිබුණි.

දෙමළ ඊළාම් සංකේත සටහන් කළ මුද්දර බොහෝ රටවල නිකුත් කර තිබුණද නායකතුමා පවුලේ සාමාජිකයින් සමඟ සිටින ඡායාරූපයක් සහිත මුද්දරයක් නිකුත් කල ප්‍රථම අවස්ථාව මෙයවේ.


මේ සම්බන්ධයෙන් සුරේෂ් කන්නන් දැක්වූ අදහස් ………..

සියළු රටවල තැපැල් මුද්දර නිකුත් කරන විටදී මා ජීවත් වන රටෙහිද කෙසේ හෝ එවැනි තැපැල් මුද්දරයක් නිකුත් කළ යුතුය යන බලවත් කැමැත්තක් මා තුල ඇතිවිය. මා මෙරටට පැමිණ වසර කිහිපයක් ගතවී ඇත. පසුගිය වසරේ බොහෝ උත්සාහයන් කලද ඉන් මා පරාජයට පත් වූයෙමි. ඉන් මා පසුබැස්සේ නැත. මෙහි දෙමළ ජනතාව සිටින්නේ සුළු වශයෙන් බැවින් මාගේ සහයෝගයට කිසිවෙකු නොමැත. එනමුත් මෙම වසරේදීත් අවස්ථා කිහිපයකදී ගත් උත්සාහයන් අවසානයේදී මා ජයග්‍රහණය කලෙමි. මගේ රට වෙනුවෙන් මට කලහැකි දායකත්වය සරණාගතව වෙනත් රටක සිටියද කළ යුතුය යන සිහිනය මට ඇත.

තැපැල් මුද්දරයක් නිකුත් කිරීමද එක් සිහිනයක් විය. නායකතුමාගේ උපන් දිනය නිමිත්තෙන්, නායකතුමාගේ ඓතිහාසික සුවිශේෂත්වය සහ දෙමළ ජනතාවගේ එකම නායකයා ප්‍රබාකරන්ය යන්න පින්ලන්ත රජය මාර්ගයෙන් සියළු රටවලට දැනුම් දිය යුතුය යන පදනමින් 2013.10.22 දින මුද්දරය නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මා සතුටු වන්නෙමි.

මේ අන්දමින් දෙමළ ජනතාව සරණාගතව ජීවත් වන සියළු රටවල සිටින අපගේ ඥාතීන් ඔවුන් සිටින රටවල තැපැල් මුද්දර නිකුත් කිරීම තුලින් අපගේ දෙමළ ඊළමට ජාත්‍යන්තරය තුල විශේෂ  
ගෞරවයක්, අනුමැතියක් ලබාගත හැකිය.

No comments:

Post a Comment