Monday 29 July 2013

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රීක්කය සඳහා නවක මුහුණු

පුත්තලම දිස්ත්‍රික්කයේ සෙසු සියලූම හිටපු පොදු පෙරමුණු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා හිමිවී ඇති බව අප වාර්තාකරු පවසයි.

ආනන්ද සරත් කුමාර මහතාගේ සහෝදරියකගේ පුතෙකු නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් තබා ඇති බවද දැන ගන්නට ඇති බවද හෙතෙම කියයි.
අපේක්ෂකයින් විසින් අත්සන් කර ඇති නාම යෝජනා පත්‍රයට නවක මුහුණු 03 ක් ඇතුළත් වී ඇති අතර මෙවර දමිළ අපේක්ෂකයෙකු තවමත් නම් කර නැති බවද දැන ගන්නට ඇත.
වර්තමාන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ පුතෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු සහ ප්‍රාදේශීය සභාවක උප සභාපතිවරයෙකුට නාම යෝජනා පත්‍ර ලැබෙන බවට මුලදී ආරංචි පැතිර ගියද ඔවුන්ටද නාම යෝජනා ලැබී නැති බවද දැන ගන්නට ඇති බව අප වාර්තාකරු පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රීක්කය සඳහා වන නාම යෝජනා පත්‍රය ලබන 31 වැනි දින භාරදීමේ සුදානමක් ඇති බව දැන ගන්නට ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කියයි.

පාසල් ගුරුවරියක දණ ගැස්ස වු බවට චෝදනා ලැබ ඇති වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට ඉදිරි පළාත් සභාවට තරග කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබානොදී ඇති බව වාර්තා වේ.
ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා පත්‍රයට අපේක්ෂකයින් විසින් අත්සන් තැබීම අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.
එහිදී වයඹ පළාත සභාව නියෝජනය කළ ආනන්ද සරත් කුමාර හිටපු මන්ත්‍රීවරයා හැර පුත්තලම දිස්ත්‍රික්කයේ සෙසු සියලූම හිටපු පොදු පෙරමුණු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා හිමිවී ඇති බව අප වාර්තාකරු පවසයි.

No comments:

Post a Comment