Tuesday 26 November 2013

"ලංකාවේ වෙනම රටක් හැදෙනවාමයි" – දයාන් ජයතිලක


ශ‍්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් 2014 මාර්තුවේදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානය හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා 2012-13 වසරවල ඉදිරිපත් වූ ඒවාට වඩා බරපතල, භයානක යෝජනාවක් වනු ඇතැයි දයාන් ජයතිලක පවසයි.

උතුරේ පලවන උදයන් පුවත්පත හා අදහස් දක්වමින් ඔහු පවසන්නේ මීට පෙර ඉදිරිපත් වූ යෝජනා අනුව ශ‍්‍රී ලංකාව 2016 වසරේදී අනිවාර්යෙන්ම ජාත්‍යන්තර පරීක්‍ෂණ වේදිකාවකට යොමු වනු ඇති බවයි.

ජිනීවාවලටම ජයග‍්‍රහණය ලැබෙනු ඇති බවත් පවසන ඔහු 2012-13 වසරේ පැරදුනු ආකාරයෙන්ම 2014 වසරේද ගෙන එන යොජනාව පරාජය වනු ඇති බවත් කියා සිටී.

මේ සියළු ක‍්‍රියාවලීන් අවසානයේ ශ‍්‍රී ලංකාව තුල වෙනම රටක් බිහිවීම නියත වශයෙන්ම සිදු වනු ඇතැයිද හිටපු උතුරු පළාත් ඇමතිවරයෙක්, තානාපතිවරයෙක් වූ දයාන් ජයතිලක අවධාරණය කරයි.

No comments:

Post a Comment