Thursday 17 October 2019

ජනප්‍රිය නළුවා දුෂණය කල අන්‍යාගමික තරුණිය

ඊයේ (15) දිනයේ මාධ්‍ය හමුවක් කැදවමින් ගයාන් වික්‍රමතිලක නැමති නලුවා සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ඉතා සරල මට්ටමේ චෝදනා කිහිපයක් එල්ල කරනු ලැබීය. එහිදි ව්ශේෂයෙන්ම දුප්පත් දරුවන් හට පාසැල තුලදීම දිවා ආහාර වේල ලබා දිය යුතුය යන සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ පොරොන්දුව ගයාන් ගේ බුද්ධියේ තරමට ඉතා විහිලු සහගත ලෙස විවේචනය කරනු ලැබීය.
රටේ දරුවන්ගේ මන්ද පෝෂණය පිළිබදව යම් තරමකට හෝ අවබෝධයක් දැනුමක් තිබෙන පුද්ගලයෙකුට කිසිසේත්ම බැහැරකල නොහැකි සජිත්ගේ මෙම යෝජනාව ගයාන් නැමැත්තා විවේචනය කරනුයේ ඔහුගේ බුද්ධියේ තරමද පෙන්වමිනි. ‘නිකං කන්න දෙන කෙනෙක් නොව උපයාගෙන කන්න පුලුවන් රටක් හැදිය යුතු බවට ගයාන් විසින් එහිදි චෝදනා කරයි.’ නමුත් 2015ට පෙර වසර 10ක්ම මෙරට පාලනය කරු ලැබුවේ රාජපක්ෂලාය. නිකං තියා උපයාගෙනවත් කන්න පුලුවන් රටක් නිර්මාණය කිරිමට ඔවුනට නොහැකි විය. නමුත් එසේ කියන ගමන්ම ගයාන් රාජපක්ෂලාට කඩේ යන්නේය.
ආර්ථිකය දවසින් දෙකකින් හැදිය නොහැකි බව අඩු බුද්ධියක් සහිත ගයන්ට කියා දීම වටී. ආර්ථිකයක් ගොඩ ගැනීමට අවම වශයෙන් පස් වසරක ආර්ථික සැලස්මක්වත් ක්‍රියාත්මක කලයුතු වෙයි. නමුත් එම කාළය තුලදිවත් දුගි දුප්පත් ජනතාවගේ මුලික අවශ්‍යතා කිසි ලෙසකින්වත් මග හැරිය නොහැකි වෙයි. ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට යන ගමනේදි රටේ නැති බැරි ජනතාව රැක ගනිමින් සිය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැගිමේ අභියෝගයට ලොව සෑම රාජ්යක්ම මුහුණ දෙයි. සමාජ සුභ සාධනය කිසි ලෙසකින් වත් බැහැර කලයුතු නොවේ. ලොකයේ එසේ කල රටවල්ද නැත. නව ලිබරල් වාදයේ මුලිකයා ලෙස ක්‍රියාත්මක වන ඇමරිකාව පවා සුභසාධන ආර්ථිකය ප්‍රතික්ෂේප නොකරයි .
ගයාන්ට තව දෙයක්ද මතක් කල යුතුය එනම් රටේ අනිත් දරුවන්ට ලබා දෙන බත් වේල ගැන සෙවීමට පෙර තමන්ගේ පෙර කසාදේ දරුවන්ට බත් වෙලක් ලබා දෙන ලෙසය. ඔවුන්ව රැක බලා ගන්නා ලෙසය. ගයාන් තම පෙර කසාදයේ දරුවන් හට සලකන ආකාරය පිළිබදව එකල වෙබ් අඩවි වාර්ථා කර තිබු අයුරු.

No comments:

Post a Comment