Wednesday 30 October 2019

සජිත් ඝාතන තැත වැරදි...රට තුල....

කුරුණෑගල රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා විසින් සංවිධානය කරන ලද රැස්වීමකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැමිණි හෙලිකොප්ටර් යානාව ගොඩබෑමට නොහැකි ලෙස කුරුණෑගල ක්‍රීඩාංගණ දෙකක සහ ඒ අවට මාර්ග වල විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබුණ බව එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අනතුරුදායක තත්ත්වයකින් බේරුණ බවත් මෙයට කුරුණෑගල නගර සභාවේ බලය හිමි පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසක් සිදුකළ බවටත් ඔහු චෝදනා කළේය.
“බරපතල තත්ත්වයක් ඇතිවුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කුරුණෑගල රැස්වීමට සම්බන්ධ වීම සඳහා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයටත් උඩවල්පොල ක්‍රීඩාංගණයටත් හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.
එම හෙලිකොප්ටර් යානා හරවාගෙන යෑමට සිදුවුණා. ජීවිතයට අනතුරුදායක තත්වයකින් බේරුණා කියලා කියන්න පුළුවන්. මේ වගේ වැඩ කිසිකෙනෙක් නොකළ යුතුයි. අපි මේ මැතිවරණය කරන්නේ සාධාරණ ලෙසයි. මේ පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා සිය නිල ෆේස්බුක් පිටුවට ප්‍රකාශයක් කර තිබුණි.

No comments:

Post a Comment