Friday 18 October 2019

බොදුබලේ සහය ගෝටාභයට


ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් නායකත්වය දරණ සිංහල බොදුබල සංවිධානය මෙවර 2019 ජනධිපතිවරණයේදී තම සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝටාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර තිබේ .

කළුතර ,මහරගම ,මතුගම,හිනිදුම,දෙනියාය,හක්මන,හම්බන්තොට,මුල්කිරිගල යන සිංහලේ බොදුබල සංවිධානයේ ශාඛාවන්හි  ප්‍රධාන හිමිවරුන් ගම්මාන වෙත ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝටාභය රාජපක්ෂ මහතා වෙත තම චන්දය ලබා දීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටියි.

අතිශය සිංහල හා බෞද්ධ සංවිධානයක් වන මෙම සංවිධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝටාභය රාජපක්ෂ මහතා සහයෝගය පල කිරීමත් සමග එතුමා සමග සිටින සුළු ජන කොටස් වල නායකයින් හා පක්ෂ එතුමාගෙන් ඉවත් වීමට මේ වන විට සාකච්චා කරනමින් පවතින බව වාර්තා වේ.

No comments:

Post a Comment