Sunday 27 October 2019

දෙනියායේ ඇවිලෙන පොහොට්ටු යුද්ධය


දෙනියාය ආසනයේ චන්ද පදනම් පවතින්නේ වාමාංශික දේශපාලනයට බරවය.එහෙත් සාගල රත්න්යකගේ ආගමනයත් සමග එය යම් තාක් ධුරට වෙනස් වීමකට ලක් වී ඇත.

එහෙත් අද වන විට එය එකම දේශපාලන ධාරාවේ පිරිස වෙනුවෙන් මිනිමරගන්නා ආසනයක් බවට පත් වී ඇත.එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂ මාතර දිස්ත්‍රික් නායක වීරසුමන වීරසිංහ මැතිතුමා  වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසනයේ සංවිධායක ධුරය ලැබීමත් සමගය.එයට හේතුව වී තිබෙනුයේ ගෝටාභය රාජපක්ෂ මහතාගේ නැගණියගේ හා  දෙනියාය ප්‍රදේශයේ තම ව්‍යාපාරික වපසරිය පතුරව ගත් තුසිත රණවක  මහතාගේ  පුත්‍රයා වන නිපුන රණවක මහතා දෙනියාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසනයේ සංවිධායක ධුරය බලාපොරොත්තුවෙන් සිටියත් දේශපාලන පරිනත භාවයෙන් යුතු හිටපු අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා වෙත් එම ධුරය ලැබීමය.

මෙහිදී වීරසුමන වීරසිංහ මහතා සමග කන්චන විජේසේකර  හා කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම හා සියලුම මන්ත්‍රී මණ්ඩලය එක් වී සිටින අතර නිපුන රණවක මහතා වෙනුවෙන් දෙනියාය වෙළද සංගමය හා රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙක් සහයෝගය දක්වනු ලබයි.

කෙසේ වුවද ඔවුන් දෙපාර්ශවය නිතරම ගැටුම් ඇති කරගනිමින් සිටින අතර පසුගිය දිනකදී කොස්මෝදර ප්‍රදේශයේදී එම ගැටුමට පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්චන විජේසේකර මහතාද මැදි  වූ අතර ඔහු සිට ගත්තේ විරසුමන වීරසිංහ මහතා  හා කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම හා සියලුම මන්ත්‍රී මණ්ඩලය සමගය.
මේ හේතුවෙන් දෙනියාය වෙළද සංගමයේ නැවතත්  ,ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් සමග  අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා සමග විශේෂ හමුවක් පවත්වා ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් කැප වන බව ප්‍රකශ කොට තිබේ.
මේ වන විට දෙනියාය තුල පවතින දේශපාලන වතවරන්‍ය 1999 වයඹ පළාත් සභා මැතිවරණය හා සමාන බව වාර්තා වේ.

විශේෂ වාර්තා කරු:- මහේෂ් දහනායක

No comments:

Post a Comment