Sunday 27 October 2019

මාතර ගෝටා දිනයි ,එත් කැපිල්ලක්

දිස්තික්කය :- මාතර 
 ජයග්‍රහනය :- ගෝටාභය     
 වැඩි චන්ද :- 50,000 දිනයි


මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයන් ගෝටාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටීද යන්න ගැටළුවක් පන නැගී ඇති අතර එහි වාසිය සජිත් ප්‍රේමදස මහතා වෙත ලැබී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද බොහොමයක් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පාවිච්චි වනු ඇතැයි විශ්වාස කරනු ලැබේ.

2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී පුර්ව  මැතිවරණ සමීක්ෂණ මේ වන විට බොහෝ ආයතන විසින් ආරම්භ කර ඇත.ගොසිප් සවුත් ලංකා නිවුස් හා ශ්‍රී ලංකා පුවත් ලියන්නන්ගේ සංගමය  මේ වන විට සති 2ක් පුරාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාශ 160 පුරා ප්‍රධාන නිර්ණායක 10 ඔස්සේ යමින්  උප නිර්ණායක 25 ඔස්සේ  එක් මැතිවරණ කොට්ටාශයක චන්දදායකයන් 5000 ක් පමණ ගෙන මෙම සමීක්ෂණ වාර්තාව  සකස් කොට ඇත.

එහිදී එම මැතිවරණ කොට්ටාශය ප්‍රධාන නගර 10 වෙන් කොට එම එක ප්‍රධාන නගරයක් තවත් ගම්මාන 10 බැගින් වෙන්  කොට මෙම සමීක්ෂණය  සිදු කොට ඇත.

ඉදිරියේදී අප ආසන ,දිස්ත්‍රික්ක ලෙස මෙම ප්‍රතිපලය එලි දැක්වීමට සුදානමින් සිටින අතර ,මේ පිලිබදව යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.

No comments:

Post a Comment