Monday 20 October 2014

රන්ජන් රමාණයකට ගහන්න පිරිස ගෙන බව ජොන්ස්ටන් පිළිගනී

හිරු නාලිකාවේ බලය දේශපාලන සංවාදමය වැඩසටහනේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අදහස් පළ කිරීමට බාධා කරමින් ප්‍රකෝපකාරී ලෙසින් හැසිරීම පිළිබඳව කිසිදු කණගාටුවක් නැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ එම වැඩසටහනේදී තමන්ට පහර දී ඝාතනය කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් කළ බවට රාමනායක මන්ත්‍රීවරයා ආණ්ඩුවට එල්ල කරන චෝදනාව පිළිබඳව සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් විවේචනය කරන ආකාරය දැක අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේ සිට හිරු රූපවාහිනී මැදිරි ගොඩනැගිල්ලට දුව ආ බවට සිළුමිණ පුවත්පතේ පළ වූ වාර්තාව සත්‍ය බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිගත්තේය

No comments:

Post a Comment