Monday 20 October 2014

ඉතිහාසගත වෙමින් රතන හිමි ඇතුළු හෙළ උරුමය සන්ධාන ගත වෙයි

ජාතික හෙළ උරුමය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (21) පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ සමඟ කරනු ලබන සාකච්ඡා මාලාවේ එක් සාකච්ඡාවක් ලෙස මෙය පැවැත්වේ.

අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක්වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සහ හිමියන් හමුවන ප්‍රථම අවස්ථාව මෙය වන අතර එම සාකච්ඡාවේ දී ජාතික හෙළ උරුමය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් යම් එකඟතාවකට ඒමට හැකියාවක් ඇතැයි මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සාකච්ඡාව සඳහා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එහි නායක ඕමල්පේ සෝභිත හිමි අතුරලියේ රතන හිමි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

විමල් වීරවංශ මහතාද පසුගිය කාලයේ ආණ්ඩු විරෝධී කතා ගොන්නක් පවසමින් සිටියද ඒ යෝජනා 12ක් ලෙස ලියාගෙන ජනාධිපති හමුවට ගොස් ජනාධිපතිව නැවත දිනවන බවට සහතිකයක් දී එළියට ආවේය. එහෙත් මේ වන තුරුත් එම යෝජනා 12 ක්‍රියාත්මක කරන බවට මහින්ද රාජපක්ෂ හෝ ආණ්ඩුවේ වෙන කිසිවකු හෝ කිසිදු සහතිකය දී නොමෑත. මෙවැනිම රංගනයක් බොදු බල සේනා සංවිධානයද සිදු කළේය. හෙළ උරුමයේ රංගනයද මෙලෙසම හෙට දිනයේදී අවසන් වනු ඇති බව දැනට පෙන්වා තිබෙන ජවනිකා අනුව පැහැදිලි වේ.

No comments:

Post a Comment