Wednesday 1 October 2014

ළමා දිනයේදී ජනපති ආර්යාව හා ලෝක පුජිත සනත් ළමුන් රවටයි.

ලෝක ළමා දිනය වෙනුවෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනයේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ මූලික්වයෙන් පැවැති උත්සවයේදී මව හෝ පියා හෝ නොමැති දරුවන් 20,000ක් වෙනුවෙන් රෙදි බෙදාදෙන බවට ප්‍රචාරය කළත් එවැන්නක් සිදුකොට නොමැති බව වාර්තාවේ.

උත්සවය ආරම්භ කිරීමට නියමිතව පැවැතියේ උදෑසන 8.00ට වුවත් ජනපති ආර්යාව සනත් ජයසූරිය ක්‍රිඩංගනයට පැමිණියේ දහවල් 12.45 ට වන අතර ඒ වෙන තෙක් උදෑසන 7.30 සිට ළමුන් 10,000කට ආසන්න ප්‍රමාණයක් අව්රශ්මියේ ක්‍රීඩංගනයේ පොලීම් ගැසී සිට ඇත.

අනතුරුව රෙදි බෙදා දීමට පැමිණි ආර්යාව විසින් ළමුන්ට අයිස්ක්‍රීම් බෙදාදීමට කටයුතු කොට ඇති මේ මොහොත (ප.ව.2.00) වන විට ඇය ළමුන් විසින් ඉදිරිපත් කරනු ලබන සංදර්ශන නරඹමින් සිටින බවට වාර්තාවේ.

මෙම ලෝක ළමා දිනය සංවිධානය කළ නියෝජ්‍ය ඇමති සනත් ජයසූරිය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දැනුම් දී ඇත්තේ මම හෝ පියා නොමැති දරුවන් 20,000කට රෙදි පරිත්‍යාගයක් සිදුකරන බැවින් ඒ සදහා ළමුන් සහභාගී කිරීමට කටයුතු යොදන ලෙසයි.

ඒ අනුව දෙනියාය, ඌරුබොක්ක, පස්ගොඩ, වැනි දුර ප්‍රදේශවල සිට උදෑසන 4.00ට පමණ නිවසින් පිටත්ව පැමිණි ළමුන් සදහා රෙදි වෙනුවට අයිස්ක්‍රීම් එකක් කා ගෙදර යාමට සිදුව ඇති බව මාතර එම මාපියන්  පැවැසූහ.


No comments:

Post a Comment