Wednesday 29 October 2014

ඌව පළාත් සභාවේ බලය නැවත එක්සත් ජාතික පක්ෂයට...හරින්ට මහා ඇමතිකම

ශ්‍රී ලංකාව තුල 2004 සුනාමි ඛේදවාචකයට පසු සිදු වූ විශාලතම  ස්වභාවික අනතුර වුයේ 201 -10 -29 දින බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේදී සිදු වූ නාය යෑමයි.මෙහිදී තවමත් අතුරුදහන් වූ පිරිස 400 ක් ඉක්මවන බව ප්‍රකශ වේ.මෙහිදී අතුරුදහන වූවකු වෙනුවෙන් ආණ්ඩුවෙන් රුපියල් ලක්ෂ 500,000/- වන්දියක් ගෙවීමට සුදානම් වන බව ආණ්ඩුවේම අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අපට  වාර්තා වේ.ඒ සදහා එය මියගිය හෝ අතුරුදහන් වූ පුද්ගලයාගේ ලගම ඥති වරයාට ගෙවන අතර,ඒ මියගිය හෝ අතුරුදහන් වූ පුද්ගලයාගේ අතුරුදහන් වූ පුද්ගලයාගේ ජාතික හැදුනුම්පත ,උප්පැන්න සහතිකය,ග්‍රාම නිලධාරී සහතිකය ,දින 14 ක් ඇතුලත ඉදිරිපත් කිරීමක් කරන අවස්ථාවේදී මෙම ගෙවීම සිදු කරන බව අපට වාර්තා වී තිබේ,මෙය ආණ්ඩුව විසින් බොරදියේ මාළු බෑමක් කර ගනිමින් ,කරදරයට පත් මිනිසුන් හට සරණක්  නොවී ,තවත් එක් මිරිගුවක් පසු පස දිවීමක් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.ඊට හේතු වශයෙන් අප දක්වන්නේ මියගිය හෝ අතුරුදහන් වූ පුද්ගලයාගේ ජාතික හැදුනුම් පත ගෙන එම විහිළුක් බැවිනි.මේ පිලිබදව කම්කරු කොන්ග්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් මහතා හා එම පක්ෂයේ ජෙෂ්ට්ටයන් උරණ වී ඇති බවත්,මෙම ගැටලුව මුලික කර ගනිමින් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වීමට සුදානම් පවතින බවත්,එසේ වුවතින් ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයේ පෙරටු කර ගනිමින් නව පළාත් ආණ්ඩුවක් බිහි වනු ඇතියි දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ 

No comments:

Post a Comment