වෙන කිසිවෙකුට හෝ තමාගේ පළාතේ ඡන්ද කරන්නට නොහැකියයි කියන ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මැරයාගේ මිනීමරු ගෝලයන් විසින් හිටපු විනිසුරු වරාවැව මහතාගේ ආධාරකරුවෙකු පැහැරගෙන යෑමට දැරූ තැතක් ව්‍යර්ථ වී තිබේ.
ඇමැති මහින්දානන්දගේ මැතිවරණ කොට්ඨාශය වන නාවලපිටියේ වෙන කිසිවෙකුට හෝ මැතිවරණ කටයුතු කිරීමට නොහැකි යයි තර්ජනය කරන අතර පසුගිය 30 දා එම පළාතේ තම මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට ගිය හිටපු විනිසුරු වරාවැව මහතාගේ ආධාර කරුවෙකු වූ සංජය නමැත්තා මෙසේ පැහැර ගැනීමට උත්සාහ කර තිබේ.
නාවලපිටියේදී ඇමැති මහින්දානන්දගේ මැරයන් 20 ක පමණ පිරිසක් පැමිණ තමා වටකරගෙන 'මෙහේ ඡන්ද කරන්න නොහැකි'යයි කියමින් තමාට පහර දුන් බවත්, තම පර්ස් එක උදුරාගත් බවත් තමාව ඔවුන්ගේ වෑන් රථයකට ඇදගෙන පැහැරගෙන යෑමට තැත් කරද්දී තමා අසල තිබූ කොමර්ෂල් බැංකුව ඇතුලට දිවගොස් පණ බේරා ගත් බවත් සංජය විසින් නාවලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
මෙතෙක් කිසිදු සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන නැත.
No comments:
Post a Comment