Monday 7 October 2013

මම අලෙවි වීමේ වරදක් දකින්නේ නැහැ


මට රිද්දන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ
ඔබේ ජිවිතයේ සිදු වුණු වෙනස්කම් හා ඔබ අද ජිවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි මුලින් කතා කරමු?
මාගේ පෞද්ගලික ජිවිතයේ ලොකුම වෙනස්කම වෙලා දැන් අවුරුදු දෙකකට වැඩියි. මට අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වුණා නැවතත් ජිවිතය ගොඩ නඟා ගන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න. ප‍්‍රශ්න තියෙද්දි මම යම් වැඩ කොටසක් කලා. හැබැයි ඒ දේවල් බොහොමයක් මට කරගන්න පුුළුවන් වුනේ මගේ සම්පුර්ණ ශක්තිය නිසා නොවේ. කාර්ය මණ්ඩලය මට උදව් කළ නිසා දැන් තමයි මට පුළුවන් කමක් ලැබිලා තියෙන්නේ නිදහසේ හා සැහැල්ලූවෙන් අරමුණක් ඇතිව වැඩ කරන්න.
ආයෙත් විවාහ වෙන්න දරුවන් හදන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද?
ගිනිපෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එලියටත් බයයි කියන එක අද මට තේරෙනවා. පොඩි කාලේ ඉඳලා මගේ හිතේ ලොකු හිනයක් තිබුණා විවාහ වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. නමුත් දැන් මට තේරෙනවා හැමදේම හැමෝටම ලැබෙන්නේ නැහැ කියලා. යම් යම් දේ මට නොලැබෙනවා වෙන්න ඇති. බලතල ජනප‍්‍රියත්වය ලැබිලා යහපත් විවාහ ජිවිතයක් නොලැබේවිද කියන සැකය මට තියෙනවා.
Upeksha-Swarnamali-photo-5එහෙම හිතන්න හේතුව?
කලාකාරියක් හැටියට මම හිතුව දෙයක් තමයි මම කවදාවත් දික්කසාද වෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවෙන් මම බොහෝම කැප කිරීම් කලා. විවාහයෙන් පස්සේ රඟපෑම් කටයුතු පවා සිමා කලා. එයින් මම බලාපොරොත්තු වුණේ යහපත් පවුල් ජිවිතයක් ගත කරන්නයි. අවසානේ මට විවාහය රැකගන්න නම් ජිවිතය පරිත්‍යාග කරන්නයි. ඉතිරි වෙලා තිබුණේ. මට මගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න බැහැ. මොකද බොහෝ දෙනෙක්ට සේවය කරන්න මට ජිවිතය වටිනවා.
බොහෝ රංගන ශිල්පින්ට සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන්න බැහැ කියනවා.....
ඒක මම ඒ හැටියට පිළිගන්නේ නැහැ. සුජානි බිමල් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා. ඕෂධි දැන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. පබෝධටත් දැන් දරුවෙක් ඉන්නවා. ශෂිකා, ෂෙහාන් මිහිරංග හොඳ පවුල් ජිවිත ගත කරනවා. ඒ වගේ අය දැක්කාහම මට සෑහෙන්න සතුටක් දැනෙනවා. කලා ක්‍ෂේත‍්‍රයේ සාර්ථක පවුල් ජිවිත ගත කරන විශාල පිරිසක් ඉන්නවා.
ඒ වගේම විවාහ ජිවිත දෙරන අයත් ඉන්නවා. ඒක කලාකාරියගේ දුර්වලකම්ම නොවේ. ගැහැණු කෙනා ජනප‍්‍රිය වෙද්දි පිරිමි කෙනාට ඉරිසියාව, කුහකකම වගේ හැඟිම් ඇතිවෙනවා වෙන්න පුළුවන්. ඒ එක්ක ජනප‍්‍රිය කාන්තාව අතින් යුතුකම්, වගකිම් අතපසුවෙන්න පුළුවන්. හැම මනුස්සයෙකුගෙම අඩුපාඩු තියෙනවානේ.
නැවත ජිවිතයට කෙනෙක් එක් වුණොත්?
ඒක වේවිද කියන්න මම දන්නේ නැහැ. හොඳ අවබෝධයක් කෙනෙක් පිළිබඳ ඇති වුණොත් පමණක් එවැනි දෙයක් වේවි. ඒ දවස්වල වගේ මම ආදරයට මගේ ජිවිතයේ විශාල ඉඩක් වෙන් කරන එකක් නම් නැහැ. ජිවිතයම ආදරය කියලා හිතන එකක් නැහැ. ආයේ මට රිද්දන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ.
ඔබේ ජිවිතයට ආදරය අවශ්‍ය නැද්ද?
මගේ ජිවිතයට ආදරය ගොඩක් ඕන. මගේ හිතේ තියෙන ආදරය ප‍්‍රකාශ කරන්න බැරි විමේ අඩුව මට දැනෙනවා. ඒත් කාර්ය බහුලත්වයත් එක්ක ඒ දේවල් මඟ හැරෙනවා. සමහර දවසට නින්ද යනතුරු අඩලා මම මගේ දුක තුනි කරගන්නවා. ඊට පස්සේ දවස් හයක් විතර ජිවත් වෙන්නේ මගේ හිත ශක්තිමත් වෙනවා.
තාමත් ප‍්‍රචාරයක් ඔබ අකලංක වගේ කෙනෙකුට කැමැතියි කියලා?upeksha-swarnamali-paba-hospitalized
ඒක මහ විහිළුවක්. මගේ නම භාවිතා කරලා මාධ්‍ය ජනප‍්‍රිය කරගන්න ගත්තු උත්සහායක්. අකලංකත් මාත් හොඳ යාළුවෝ විතරයි.
ඔබ බොහෝ පුවත් මවන්නියක් බවට පත්වෙලා. බොහෝ දෙනෙක් වගේ ඔබත් අලෙවි වෙනවා නේද?
අලෙවි වීමේ වරදක් මම දකින්නේ නැහැ. ලංකාවට වඩා ප‍්‍රබල ලෙස හොලිවුඞ්, බොලිවුඞ් ශිල්පින් අලෙවි වෙනවා. එහෙම කන්නේ ඒ මඟින් නිර්මාණ ජනප‍්‍රිය කරවන්න. විදෙස් රටවල තත්ත්වය ඒක වුණත් ලංකාවේ අලෙවි කරන්න උත්සාහ කරන්නේ අපේ ජිවිත, අපේ අනාගතය, මාධ්‍යයක් උපයෝ කරගෙන වෙනස් කිරීම හොඳ නැහැ. චරිත ඝාතනය හොඳ නැහැ. දැන් නම් මම හිත හදාගෙන ඉන්නේ ඒවා මම මුදල් වියදම් නොකර ලබන ප‍්‍රසිද්ධියක් කියලා. ඇත්ත කවදා හෝ එලිවෙනවා.
ඔබේ සුනඛ සුරතලා නිසා පසුගිය දවසක ෂුටිං කැන්සල් කරන්න වුණා කියනවා නේද?
ෂුටිං කැන්සල් කරන්න වුණා කියන කතාව බොරුවක්. ඒ ෂුටිං එක තිබුණේ ගාඞ්න් එකක. එතන අයාලේ ඇවිදින බල්ලෝ පහලොවක් විතර හිටියා. මමත් එදා මගේ සුනඛ සුරතලා එක්ක ගෙන ගියත් ගාඞ්න් එක බාර ආරක්‍ෂකයෝ ප‍්‍රකාශ කළා මගේ සුනඛ සුරතලා ගෙනියන්න දෙන්නේ බැහැ කියලා. මම කරුණු පැහැදිලි කරලා කිව්වා එහේ මෙහේ යන සුනඛයෝ ඉන්නවා නම් හොඳට බෙහෙත් විදලා ඇති කරන සුනඛයා ගෙනියන්න දීමේ වරදක් නැහැ කියලා. ඒක එච්චරයි. නමුත් මාධ්‍ය මඟින් ප‍්‍රචාරය වුනේ වෙනත් කතාවක්.
සාකච්ඡා කලේ - ඩි. මල්ලවආරච්චි
උපුටා ගැනීම ලක්බිම රිද්ම අතිරේකය

No comments:

Post a Comment