Tuesday 2 June 2015

ශිරන්තිගේ රාජපක්ෂ හා රත්තරන් ගනුදෙනුව


රජයේ භාණ්ඩාගාරයට අයිති රත්තරන් කිලෝ 100 ක් විකිණිමෙ සිද්ධියක් සමිබන්ධයෙන් හිටපු ජනපති ආර්්‍යාව වන ශිරන්ති රාජපක්ෂ හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානානයකට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිද විසින් අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කලා.

සිය නිතිඥයින් සමග අල්ලස් කොමිසමට පැමිණි ඇය කියා සිටියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ-උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදි ලද තොරතුරක් මත රජයේ භාණ්ඩාගාරයට අයත් රත්ත්‍රරන් කිලෝ 100 ක් විකිණිමට කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවට ලද ඔත්තුවක් මත එම පිරිස අත් අඩංගුවට ගන් බවයි.

පසුව සිදුකල විමර්ෂණයන් වලදි එම රත්තරන් ගනුදෙණුවට සෘජුවම ශිරන්ති රාජපක්ෂ සමිබන්ධ බවට තොරතුරු හෙලි කර ගැනිමට මගේ ස්වාමිපුරුෂයා සමත් වුනා. එම අවස්ථාවෙදි බස්නාහිර පලාත භාර ජේෂ්ඨ පොලිස්පති ලෙස කටයුතු කල අනුර සේනානායක මහතා එම පරික්ෂණ කටයුතු නවත්වන්නැයි කියා බලපෑමි කලා. මෙම තත්වය මත එම රත්තරන් තොගය විකිණිම සමිබන්ධ පරික්ෂණ නවත්වන්න මගේ ස්වාමිපුරුෂයාට සිදුවුවා.

පසුව එවකට ගුවන් විදුලි සංස්ථාවෙ සභාපති ලෙස කටයුතු කල හඩිසන් සමරසිංහ විසින් මගේ ස්වාමිපුරුෂයාට කියා සිටියා ගුවන් විදුලියට පැමින මෙම රත්තරන් ගනුදෙනුවට ශිරන්ති රාජපක්ෂ සමිබන්ධ නැති බවට ප්‍රකාශයක් කරන්න කියා. මෙවැනි අවස්ථාවකදි තමයි මගේ ස්වාමිපුරුෂයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුවෙ.

ඉන් පස්සේ දිගින් දිගටම විවිධ පාර්ශව වලින් අපිට බලපෑමි එල්ල කලා. විදේශගතව සිටින මගේ බාල පුතාව පවා අත් අඩංගුවට ගන්නවා කියලා තර්ජණය කලා. මෙවැනි බලපෑමි නිසා මෙි ගැන අපි කතා කරන්න හිතුවෙි නැහැ.

නුමුත් දැන් පත්වෙලා ඉන්න නව රජය එදා සිදුවුනු දුෂණ වංචා ගැන පරික්ෂණ කරන නිසා මගේ ස්වාමිපුරුෂයා කිවිවා මෙම සිද්ධිය ගැන පැමිණිලි කරන්න කියලා. ඒ අනුවයි මම අද අල්ලස් කොමිසම හමුවෙ පැමිණිල්ලක් ගොනු කලේ.

" ඉදිරියේදි මගේ ස්වාමිපුරුෂයා (හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන) මෙි ගැන පාපොචිචරණයක් සිදු කිරිමට නියමිතයි" ඇය වැඩිදුරටත් සදහන් කර සිටියා.

No comments:

Post a Comment