පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වී ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ මුල සිටම ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.
මෙම මන්ත්‍රීවරුන් එක්සත් ජාතකි පක්ෂයෙන් නෙරපාහරින අධිකරණ නියෝග නිකුත් කර ඇති නමුත් ඔවුන් සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණ මුල සිටම ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
එ් අනුව ආණ්ඩුවට එක්වී සිටින ලක්ෂ්මන් සෙනවිරත්න, මනූෂ නානායක්කාර, උපේක්ෂා ස්වර්ණමාලි, නිල්වලා විජේසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොලොස් දෙනෙක් සම්බන්ධයෙන් මේ ආකාරයට විනය පරීක්ෂණ ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. එ් අනුව මෙම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද නියමිතය.
යම් හෙයිකින් මෙම මන්ත්‍රීවරුන් පක්ෂයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් නෙරපා හැරීමේ අවස්ථාව උදාවනු ඇත.
No comments:
Post a Comment