Friday 31 July 2015

ඩලස් ගෙන් කැත වැඩක්


මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක හිටපු ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් නොහොබිනා ක්‍රියාවක් සිදු කොට තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තනතුරක් නොදරන ,එහෙත් මාතර දිස්ත්‍රික් ඒ.ජ.නි.ස නායකත්වය පමණක් ඔහු දරනු ලබයි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චන්ද පොළ නියෝජිතයන් පත් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක වරුන් එම ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයා පත් කිරීම සම්ප්‍රධායික ක්‍රියාවලිය වෙයි.එහෙත් මාතර දිස්ත්‍රික්කයේ හක්මන,කබුරුපිටිය ,දෙනියාය ,වෙලිගම,අකුරැස්ස යන ආසන සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරුන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයා ලෙස පත් කර ඇති අතර දෙවිනුවර ආසන සංවිධායක නිලංග හෙන්දවිතාරණ මහතා හා මාතර වැඩ බලන සංවිධායක ලක්‍ෂමන් යාපා අබේවර්ධන යන මහත්වරුන් වෙනුවට ,දෙවිනුවර ආසනය සදහා ඩලස් අලහප්පෙරුම මහතාත් ,මාතර ආසනය සදහා කාංචන විජේසේකර මහතාත් ඩලස් අලහප්පෙරුම මහතා විසින්ම පත් පත්කර ගෙන ඇතෙයි වාර්තා වේ.
                                                             ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය වර අප කල නිරික්ෂන්යේදී මාතර දිස්ත්‍රික්කයෙන් 7 වන ස්ථානය ලබා පරාජය වන බවට මහජනතාවගේ අප්‍රසාදයට පත් වී ඇති බැවින් ඔහු කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට යම් යම් උපක්‍රමයන් යොදන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් ජෙෂ්ට්ටයෙක් අප වෙත ප්‍රකශ කළහ

No comments:

Post a Comment