Friday 31 July 2015

කවුද මේ '''පොඩි ෆොන්සේකා '''

නම :-හේනේගම ගමගේ සුමිත්‍ර පාල
පදිංචිය:- 137/2,පැනිල් කන්දගම උල්ලුදුවාව
පාසැල:- දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය
ඇයි  ඔබ දේශපාලනයට පැමිණයේ:- ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිදුන් සමග තිබු සමීප සම්බ්ධතාවය
 ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග සමීපව කටයුතු කල අයට පසුගිය වකවානුවේ යම් යම් කරදර විදින්න සිදු වුනා ඔබට එසේ කරදර විදින්න සිදු වුනේ නැද්ද ?යම් යම් කරදර විදින්න සිදුවුණා එත් රට ජාතිය බේරගත්ත ජාතික වීරයා සැපේදීත්  වගේම දුකේදීත් අප සිටියා.
ඔබගේ හමුදා ජීවිතය :- 1982 ශ්‍රී ලංකා හමුදාවේ ගැමුණු සේවා බල ඇණියට එක වෙලා 2009 දී හමුදා සේවයෙන් සමු ගත්තා
ඔබ හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මා අතර රුපය එක හා සමානයි,එක ඔබට පසුගිය කාලයේ බලපෑවේ කොහොමද? ඔවු එක ඇත්ත හුහාක් දෙනා කතා කරන්නේ ''පොඩි ෆොන්සේකා'' කියල මොකද සර් හා මගේ රුපය බොහෝ විට එක හා සමාන නිසා.මට පසුගිය 2010 ජනධිපතිවරණ කාලයේ එවකට ඉදපු ඇමතිවරු කිහිප දෙනෙක් ඇවිත් කතා කළා සර් (ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා) වගේ පෙනී ඉන්න රාජපක්ෂ රෙජීමයේ දේශපාලනයට එකතු වෙන්න කියලා.එත් මම කවදවත් මගේ ප්‍රතිපත්තිය පාවලා දුන්නේ නැ.මම හිතුවා කවදා හරි සත්‍ය ජය ගන්නනවා කියලා.එක අද වන විට සිදුවෙලා තියනවා.
රුපවාහිනියට එහෙම කතා කලේ නැද්ද?මොකද නැත්තේ මට එක රුපවාහිනී වැඩසටහනකට කතා කලා ලක්ෂ 70 දෙන්නම් එවකට ඉදපු ජෙනරාල් ෆොන්සේකා විදියට රගපාන්න කියලා.මම සල්ලි වලට මගේ හර්ද සාක්ෂිය පාවලා දුන්නේ නැ.
දේශපාලනයෙන් ඔබ බල පොරොත්තු වෙන්නේ මොනවද?මගේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට තිබෙන විශාල ගැටළුවක් තමයි මේ ලයිම් කාමර හා වතුවල තිබෙන සෞඛ්‍ය ගැටලුව එඅකට අපි ඉක්මනින් විසදුම් ලබා දෙන්න ඕන.අනිත් කරණය තමයි මත්පැන් හා මත්ද්‍යවය සමාජයෙන් තුරන් කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕන.
අවසාන වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය විශ්වාසද? අනිවාර්යෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් දරන ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂයට මන්ත්‍රී ආසන දෙකක් එනවා.එක අපට පැහැදිලිව පෙනෙනවා මේ මැතිවරණ ව්‍යාපාරය තුල එම ආසන දෙකෙන් මගේ ජයග්‍රහනය අනිවාර්යෙන්ම තහවුරු වෙනවා කියලත් මම කියනවා.


No comments:

Post a Comment