Wednesday 9 March 2022

කෑම නෑ කියා පාර්ලිමේන්තු කැන්ටිමේ මන්ත්‍රීවරුන් යකා නටයි

මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තු ආපනශාලාවේදී නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වර්තා වනවා. එම නොසන්සුන්තාව ඇතිව තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේදීයි. දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී තිබෙනවා. මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද අද (8) පෙරවරුවේ ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ. සැපයුම්කරුවන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට දියර කිරි සපයාදී නැති බව පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මිල්කෝ ආයතනයට දිගින් දිගටම දැනුම් දුන්නද, ඔවුන් ප්‍රමාණවත් කිරි සපයා දීමක් නොකළ බව වාර්තා වනවා. මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවලද හිඟයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පෙන්වා දුන්නා. හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට ඇතැම් ආහාර වර්ග සැපයීමේ කටයුතුද යම් ආකාරයකින් අඩාළවී ඇතැයි වාර්තා වනවා.

No comments:

Post a Comment