Monday 14 March 2022

මෛත්‍රීපාල සිරිසේන පක්ෂයෙන් මහා පාරට

මහ ජනතාවට පාරට බැසීම හැර වෙනත් කිරීමට කිසිඳු දෙයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ. බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදි පැවැති බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුව අමතමින්. ජනතාව සිය මනසේ ගැටළු රාශියක් පොදි බැඳගෙන සිටින බවත් අද වන විට මෙරට ආහාර අර්බුදය ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙන බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “‍තෙල් මිල වැඩිවීමත් සමග මහ ජනතාව දේශපාලකයන් ප්‍රතික්ෂේප කර ජනතා උද්ඝෝණවලට පෙළඹෙනවා. මේ ආණ්ඩුව පක්ෂ 13කින් හදද්දී මමත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තත් ඉන්පසුව කිසිම දෙයකට මා සම්බන්ධ කර ගත්තේ නෑ.
සිරිමාවෝ බණ්ඩාරනායක යුගයෙන් පසු මේ රටට හරි ප්‍රතිපත්තියක් ගෙනාවේ මගේ ආණ්ඩුව විතරයි. මම ප්‍රජාත්‍රන්ත්‍රවාදීව රට ගෙන ගියා ලෝකයේ සියලුම රටවල් මට උදව් කළා මම 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝදනය ගෙනත් රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කළා.නමුත් මම දුෂයෙන් තොර රටක් හදන්න බලාපොරොත්තු වුණත් ඒක මට කරන්න බැරි වුනා. විදුලිය,ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්,ගෑස්,විදුලිය නැතිව ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා.ජනතා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනවා මුළු රටම අද කදුලින් ඉන්නේ අයට ඒවා තේරෙන්නේ නෑ.

No comments:

Post a Comment