Thursday 10 March 2022

කම්පියුටර් එක ඔන් කරද්දී ගැණු කෙනෙක් කෑගහන සද්දයක්..

මේ කියන කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ 07, වෝඩ් ප‍්‍රදේශයේය. තරුණ තරුණියන් මෙන්ම මැදිවියේ අයද මේ ආයතනයේ වැඩය. ඉකුත් දිනක කාර්යාල පරිශ‍්‍රය වෙනත් ස්ථානයකට ගෙන ගියේ ඔය අතරය. මේස පුටු, පරිගණක අලුත් ස්ථානවල සවි කළේ කොන්ත‍්‍රාත් සමාගමක් විසිනි. කාර්යාල කටයුතුවලට බාධා නොවන පරිදි කාර්යාලයේ පුටු, මේස කම්පියුටර් ආදී එකී නොකී දේවල් සවි කළේ සති අන්ත නිවාඩු දින දෙකේදීය. වැඩේ භාරගත් පිරිස දිවා රෑ නොබලා අලූත් කාර්යාල පරිශ‍්‍රය අපූරුවට සකසා දැම්මේ අඟහරුවාදාය. කාර්යාල සේවක සේවිකාවන් තම තමන්ට අයිති පුටුවල වාඩි වී වැඩ පටන් ගත්තේ එදින පෙරවරු 11.00 ත් පසු වූ පසුවය. මේ කාර්යාල පරිශ‍්‍රයේ අංශ භාර ප‍්‍රධානියාද හරිබරි ගැසී සිය වීදුරු කුටියේ පුටුව උඩ වාඩිවී පරිගණකය කි‍්‍රයාත්මක කළේය. ඔහුට පරිගණකය පිළිබඳ මහ ලොකු දැනුමක් නැත. මුළු කාර්යාල පරිශ‍්‍රයම දෙවනත් කරමින් අසැබි දර්ශන පෙළක් දිස්වූයේ එසැනිණි. මොන තරම් ශබ්දය වැඩිවී තිබුණේද යත් එම කාර්යාල පරිශ‍්‍රයේ තරුණ තරුණියන් තම තමන්ගේ මේස යටට ඔළුව ගසා ගත්තේ බොස් අමාරුවේ වැටී ඇති බව වටහා ගෙනය. "මධුශාන් මධුශාන් මෙහෙ එනවා." බොස් කෑගැසුවේ කම්පියුටරයෙන් නැෙඟන ශබ්දය මැදය. මධුශාන් ගොස් අසැබි දර්ශනත් ශබ්දයත් නිවා දැමීය. "අර කොන්ත‍්‍රාත්කාරයන්ගේ ඉතිරි සල්ලි ගෙවන්න එපා" ආයතනයේ මුදල් කළමණාකරු වෙත ලිපියක් යොමු කළ ඔහු වරද කොන්ත‍්‍රාත්කරුවන්ට භාරදී ඇඟ බේරා ගත්තේ කාර්යාලය පුරා කසුකුසු පැතිර යද්දීය.

No comments:

Post a Comment