Wednesday 9 March 2022

රන්ජන්ට නිදහස

රන්ජන් රාමනායක මහතා ඉතා නුදුර
ේම නිදහස් වන බවට විශේෂ ඉඟියක් ඊයේ (9) පළවුණා. ඒ තමන් අතින් සිදු වූ වැරැද්ද සම්බන්ධයෙන් අධිකරණයට කණගාටුව ප්‍රකාශ කිරීමට රාමනායක මහතා කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ වීම. එකම මාර්ගය රන්ජන් රාමනායක මහතා මේ අවස්ථාවේ සිර දඬුවමක් විදිමින් සිටින නිසා ඔහුට නිදහස ලබා ගත හැකි එකම මාර්ගය ජනපති සමාව ලබා ගැනීම පමණයි. ඒ සඳහා විවිධ පාර්ශව වලින් ජනපතිවරයාට ඉල්ලීම් සිදු කළා. එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව රාමනායක මහතා සිරගත කිරීමට බලපෑ හේතුව වන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතාගේ පැත්තෙන් අධිකරණයෙන් සමාව ගැනීම හෝ කණගාටුව ප්‍රකාශ කිරීම සිදු විය යුතු බවට ජනපති පාර්ශවයෙන් කොන්දේසියක් ඉදිරිපත්ව තිබුණා. මෙතෙක් දැරූ ස්ථාවරය එහෙත් මෙතෙක් ඊට රාමනායක මහතා එකඟ නොවූයේ තමා අතින් වැරැද්දක් සිදු වූ බව ප්‍රකාශ කරමින්. එහෙත් ඊයේ (9) අපි කර්මයට කැඳවූ අවස්ථාවේ රාමනායක මහතා සඳහන් කර තිබෙන්නේ තමන් සිතා මතා එවැනි වැරැද්දක් නොකළ බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කණගාටුව ප්‍රකාශ කිරීමට සූදානම් බවත්. ඉන් පැහැදිලි වන්නේ රාමනායක මහතාට ජනපති සමාව ලබා දී නිදහස් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් අතර යම් එකඟතාවයක් තිබෙන බවයි. ජිනීවා ගිය ප්‍රශ්නය රාමනායක මහතාට නිදහස ලබා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමට මේ දිනවල ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද ගියා. ඒ හරින් ප්‍රනාන්දු හා මනුෂ නානයක්කාර යන මන්ත්‍රීවරුන්.

No comments:

Post a Comment