Thursday 10 March 2022

එස්. බි ඇඹිලිපිටියෙන්

එස්.බී.දිසානායක මහතා නව කර්මාන්ත ඇමැතිවරයායි. ඔහු එම ධූරයට පත් වූයේ හරියටම මීට සතියකට පමණ පෙර. භාවිතය පිළිබඳ විවේචනය එස්.බී.දිසානායක මහතාගේ දේශපාලන භාවිතය හා ඇතැම් ප්‍රකාශ පිළිබඳ කුමන විවේචන තිබ්බත් ඔහු වැඩක් කිරීමට හැකි දක්ෂ ඇමතිවරයෙක් ලෙසයි හැඳින්වෙන්නේ. ඒ බැව් යළිත් සනාථ කරමින් දිසානායක මහතා කර්මාන්ත ඇමැති වී සතියක් ගෙවෙන අවස්ථාවේ නව ගිවිසුමකට අත්සන් කොට තිබෙනවා. ඒ 2012 වසරේ සිට වසා දමා තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ඇරඹීමේ ගිවිසුමටයි. ඇමතිගේ ඉලක්කය ඔහු එම ගිවිසුමට අත්සන් තැබුවේ ඊයේ (9) වැනිදා. ඇඹිලිපිටිය කඩදාසි කම්හල පමණක් නොව වාලච්චේන කඩදාසි කම්හලත් නැවත ඇරඹීම දිසානායක මහතාගේ ඉලක්කය බවයි දැනගන්නට තිබෙන්නේ. දිසානායක මහතා මේ වන විට දරන කර්මාන්ත අමාත්‍ය ධුරය මීට පෙර දැරුවේ ජනපතිවරයා විසින් ඇමති ධූරයෙන් පැන්නූ විමල් වීරවංශ මහතායි.

No comments:

Post a Comment