Tuesday 29 March 2022

මෛත්‍රීපාල සිරිසේන එළියට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන පැජට් පාරේ පිහිටි නිවස අඛණ්ඩව භාවිත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම නියෝගය පෙත්සම විභාගයේ අවසන් තීරණය දක්වා බලපැවැත්වේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පයිකියසෝති සරවනමුත්තු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව සිටි සමය් නිල නිවාසය ලෙස භාවිත කළ මෙම නිවස ඔහුට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළද එම තීරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කෙරිණි. මේ සම්බන්ධයන් ඊයේ (28) මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසය

No comments:

Post a Comment